පන් නෙළුම් කවි
 
ගැමි ජීවන වෘත්තියක්‌ වන පන් නෙලීම ආශ්‍රිතව නිර්මාණය වූ ගායනා හා නර්තන අංගයන් ය. පැදුරු වියීමට මෙන්ම පන් ආශ්‍රිත නිර්මණ කිරීමට පන් නෙලීම කරනු ලබයි.


පන් නෙලීමේ කවි ( මැදුම් තනි තිත )

ලය - මධ්‍ය ලය

ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට
මුහුළ පුරා තෙල් ගාගෙන යන කලට
මාන බලති මිනුවන් පන් නෙළන කොට
නැනෝ නුඹත් එනවද පන් නෙලන්නට

ලය - විලම්බ ලය
කොතන විලේදෝ එපන් තියෙන්නේ
නාගර පන් විල එපන් තියෙන්නේ
එපන් ගෙනෙන්නට කවුදැයි එන්නේ
අඟනෝ එකතුව එතැනට යන්නේ

ලය - දෘත ලය
අතුරා මදුවැල් පොටක්‌ ගනිල්ලා
උදුරා ගත් පන් මිටි බැදපල්ලා
නිතරා යන එන මගට බසිල්ලා
නුදුරා අඳුරට කලින් යමල්ලා

ලය - විලම්බ ලය
වැද දෙවියන් අපි පන් උදුරන සඳ
සඳ දෙවියන් සේ දැනුනා හිරු තද
තද නැති මදපමනට මේරූ කඳ
කඳ උස පන් මිස මිටි කෙටි මොකටද

(c) Shilpa Sayura Foundation 2006-2017