නර්තන විෂයේදී තාල තබන ප්‍රධාන වාද්‍ය භාණ්ඩයකි තාලම් පොට. තාලම් පොට අතට ගෙන වාදනය කරමින් කරනු ලබන නර්තනය තාලම් නැටුම ලෙස හැදින් වේ. මෙම නර්තනයේ යෙදෙනන්නන් විසින් සාමුහිකව ගායනා කරනු ලබන කවි තාලම් කවි ලෙස හැදින් වේ. ගැමි නර්තනයක් ලෙස සැලකුවත් මෙම තාලම් නර්තනයේ ශාස්ත්‍රීය පදනමක් ද වේ. එයට හේතුව ශාන්තිකර්ම ගීත වලේ තාලම් පොටේ උපත ගැන වැයෙන කවි අදාලව ඇත.
තාලම් කවි - තාල රූපය : මැදුම් තනිතිත
අගේ වඩන මගෙ තාලම් සරඹ බලන්නේ
වගේ නොදැන ඇයි නුඹලා කීමට එන්නේ
කගේ ගිල්ල ලෙස බැරිවෙයි නුඹට බොලන්නේ
මගේ දෙඅත තාලම්පට සරඹ බලන්නේ
සඳවට තරුවැල් ඇවිදින් කල එළි සද්දේ
මඳකොට පවසමි ඇවිදින් පැරදුණු සද්දේ
යුදයට වසවතු ඇවිදින් පැරදුණ සද්දේ
බඳවට කැරකෙන මගෙ තාලම් පොට සද්දේ