මේවරය යන්නෙ හි තේරුම වළල්ල යන අරුතයි. මේවර සෙල්ලම නොඑසේනම් මේවර කෙලිය ලෙස හැදින් වෙන මෙය අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවත්ගෙන එන සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවකි. මේවර කවි ගායනා කරමින් කෙරෙන මෙම සෙල්ලම නාට්‍යමය ස්‌වරූපයක් ගනී. ලේංසූ හැංගීම එලුවන් කෑම වැනි ක්‍රීඩවලට සමාන කමක් දක්‌වන මෙම ක්‍රීඩාවේදී සිදුවන්නෙ, මේවරය සඟවා එය නැවත සෙවීමය. සොයන්නා විසින් කවියේ පදයක් ප්‍රශ්න කිරීමක් ලෙසට ගයනා කරයි. සෙස්‌සන් ඊට පිලිතුරු වශයෙන් අනෙක් පදය ගායනා කරයි.
මේවර කවියක් ( තාල රූපය : මහ තනි තිත )
සාර සදිසි පෙති පේර නෙලන කල වලගිය දෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා
කොස්‌වතු කන්දේ කොස් නෙලනා දා වලගිය දෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා
ඉහතින් සඳහන් කල මේවර කවිය අදාල තාල රූපයට අනුව ප්‍රස්‌තාර ගත කරන්න.