ගැමි නැටුමේ මූලික ලක්‍ෂණ
 
සාමූහිකව ඉදිරිපත් කිරීම
තනි තනිව ( ඒකල ) නර්තන අංගයන් ගැමි නැටුම් වල දක්‌නට නොලැබේ. සෑම ගැමි නැටුමක්‌ ම පාහේ සමූහයක්‌ එක්‌ව කණ්‌ඩායම් වශයෙන් ඉදිරිපත් කරයි. නර්තනය මෙන්ම නර්තනයට යෝදා ගන්නා කවි ගී ගායනා කරනු ලබන්නේද කන්ඩායමක්‌ එක්‌ව සිටය.

2. විනෝදාස්‌වාදය සඳහා ඉදිරිපත් කිරීම

ගැමි නැටුම් ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ එය ඉදිරිපත් කිරීම තුලින් විනෝදාස්‌වදයක්‌ ලබාගැනීමයි. කායිකව හා මානසිකව ඇතිවෙන විවිධ ගැටලු කාරි අවස්‌තා මදකට හෝ අමතක කොට තම සිත් සතන් සනසා ගැනීම ගැමි නැටුම් පැවැත්වීමට හේතුවක්‌ වේ.

3. ජන ජීවිතය හා ඈදුනු නිර්මාණ වීම
සියලුම ගැමි නැටුම් අංගයන් නිර්මාණය වී ඇත්තේ, ජීවන වෘත්තීන්, සමජ අවශ්‍යතා හා එදිනෙදා ජීවන කර්තව්‍යන් මුල් කරගෙනය. ගොයම් නැටුම්, පන් නැටුම් කුලු නැටුම් වැනි නිර්මාණ ජීවන වෘත්තීන් අනුවත්, කළගෙඩි, කුලු , මොල්ගස්‌ නැටුම් ගෙදර දොරේ දෛනික කාර්යන් අනුවත්, ලී කෙලි චාමර සවරන් කඩු සරඹ වැනි නැටුම් සමාජ අවශ්‍යතා අනුවත් නිර්මාණය වී ඇත.

4. නර්තනය සඳහා උපාංගයක්‌ භාවිතය.
ගැමි නැටුම් වල දක්‌නට ඇති තවත් සුවිශේෂි ලක්‍ෂනයක්‌ වන්නේ මෙම නැටුම් ඉදිරිපත් කිරීමේදී එකී නර්තනය හා බැදුනු යම් උපකරණයක්‌ භාවිතා කිරීමයි. කළගෙඩි නැටුමේ කලයක්‌ ද, කුළු නැටුමේ කුල්ලක්‌ද, දැකැති, චාමර, ලී දඩු ආදී උපකරණයක්‌ භාවිතා කරයි.

5. හදුනාගත් නිර්මාතෘ වරයෙකු නොසිටීම
සාමුහික වශයෙන් හා නිදහස්‌ ආරකින් ඉදිරිපත් කරන නැටුම් විශෙෂයක්‌ බැවින් ගැමි නැටුම් සඳහා නියමිත නිර්මාතෘ වරයෙක්‌ සෙවීම අසීරු කරුණකි.

6. සරල බව

නර්තනය සඳහා භාවිතා කරන අංග චල ඉතා සරල පහසු එවාය. මෙසේ වීමට හේතුව කන්ඩායමක්‌ වශයෙන් රඟ දැක්‌වීමේදී ප්‍රවීණයාට මෙන්ම ආධුනික ශිල්පියාටද තම දායකත්වය ලබාදීමට ඇති හැකියාව ඇති කිරීමටය.සරල අංග චලන මෙන්ම සරල ඇදුම් පැලදුම් ගැමි නැටුම් සඳහා යොදා ගනු ලබයි. එදිනෙදා අදින පලදින රෙදි හැට්‌ට සරම් වැනි ඇදුම් ද මල් වලින් වැඩ දැමූ පැලදුම්ද බොහෝ විට මේ කලා නිර්මාණවල වෙස්‌ ගැංවීම් වේ.

7. නමනීය බව
නමනීය බාවය යන්නෙන් අදහස්‌ කරන්නේ , නර්තන ශිල්පීන්ට එම නැටුම වෙනස්‌ වෙනස්‌ ආකාර වලින් ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි. නැටුමේ අන්තර්ගත මූලික අභිමතයේ හිදිමින් තමන්ට සුදුසු හා පහසු ආකාරයෙන් නිර්මාණය කර ගත හැකිය. එක්‌ කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කරන ගැමි නැටුමක්‌ තවත් කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කිරීමේදී විවිධ වෙනස්‌ කම් දක්‌නට ලැබේ.

8. නැටුම හා බැදුනු ගායනා
සෑම ගැමි නැටුමකටම ආවේනික වූ කාව්‍ය සාහිත්‍යක්‌ද නිර්මාණය වී ඇත. ගැමි නැටුමක්‌ ඉදිරිපත් කිරීමේදී එකී කවි ගී ගායනා කරමින් නර්තනය කරයි. ලී කෙලි නැටුමේ ලී කෙලි කවී, සවරම් නැටුමෙදී සවරන් කවි ආදී වශයෙන් එකිනෙකට වෙනම කවි ගී නිර්මාණය වී ඇත.මෙම ගායනා ඉතා සරල ගායනයන් ය.

9. සාම්ප්‍රදායික ප්‍රබේද නොමැත
ගැමි නැටුම් වනාහී , උඩරට පහටරට සබරගමු නැටුම් සම්ප්‍රාදායන් තුනටම පොදු නර්තන අංගයකි.

10. වාද්‍ය භාන්ඩ හා රංග භූමිය.
ගැමි නැටුම් සඳහා නිශ්චිත වාදන භාණ්‌ඩයක්‌ නොමැත, නිර්මාණ කරුගේ කැමැත්ත පරිදි යම් තූර්ය භාන්ඩයක්‌ හෝ සමූහයක්‌ වාදනය කරයි. විශේෂිත වූ වාද්‍ය භාණ්‌ඩයක්‌ මෙන්ම, නිශ්චිත වූ රංග භූමියක්‌ද ගැමි නැටුමේ නොමැත. එලි මහනක , කමතක හෝ කවර හෝ සුදුසු ස්‌ථානයක රග දක්‌වයි

11. නර්තනයට ස්‌ත්‍රී පුරුෂ භාවයක්‌ නොමැත.
ගැමි නැටුම් පොදුවේ ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම රඟ දැක්‌විය හැකි නර්තනයන් ය. සමහර නර්තන අංග පිරිමින් විසින් හා සමහර අංග ගැහැණුන් විසින් රඟ දැක්‌වුවද, දෙපාර්ශවයට ඒ සඳහා සහභාගි වීමේ තහනමක්‌ නොමැත.
(c) Shilpa Sayura Foundation 2006-2017