එමගින් ඡායා රූපයක් ලබා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?.
දැන් අපි කැමරාවක ක්‍රියා කාරීත්වය කෙසේදැයි විමසා බලමු.
යම් ඡායා රූපයක් කඩදාසියක් මතට ගැනීම කැමරාව මගින් සිදුවන ප්‍රධාන ක්‍රියාව වේ.
නමුත් අද වන විට මෙම ඡායා රූප ගැනීමේ තාක්ෂණය ඉතා දියුණුවී ඇත.
දැන් අප සරල සිදුර කැමරාවක් සාදා මෙම ක්‍රියාව මැනවින් තේරුම් ගනිමු.
මේ සදහා පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සොයා ගත යුතුවේ.
1. තරමක් විශාල කාඩ් බෝඩ් පෙට්ටියක්.
2. සුදු ටිෂූ කඩදාසියක්.
3. මැලියම් ස්වල්පයක්.
4. අල්පෙනෙත්තක්.
කාඩ් බෝඩ් පෙට්ටියේ එක් පැත්තක පමණක් පියන ඉවත් කර එය සුදු ටිෂූ කඩදාසියෙන් සම්පූර්ණයෙන් වැසෙන සේ අලවන්න.
දැන් ටිෂූ කඩදාසිය ඇලවූ පැත්තට විරැද්ධ පැත්තේ පියන හරි මැද ඇල්පෙනෙත්තෙන් ඉතා කුඩා සිදුරක් විදින්න.
දැන් ඔබ සිදුරැ කැමරාව සාදා නිමකර ඇත.
දැන් මෙහි කුඩා සිදුර ඇති පැත්ත විවිධ වස්තූන් දිශාවට යොමුකර ඊට විරැද්ධ පැත්තේ සුදු කඩදාසිය මත පතිත වී ඇති ප්‍රථිබිම්බය නිරීක්ෂණය කරන්න.
ඉහත උපකරණ එකතුකර සාදන සිදුරැ කැමරාව පහත රූපයේ පෙන්වා ඇත.
<
1. ඔබ සෑදූ සිදුරැ කැමරාවෙන් ලැබෙන ප්‍රතිබිම්බයේ ස්භාවයන් සටහන් කරගෙන එහි ස්භාවය නිරීක්ෂණය කරන්න.
2. මුහුණතේ ඇති සිදුරේ ප්‍රමාණය වෙනස් කරමින් ලැබෙන ප්‍රථිබිම්බයේ ස්භාවය නිරීක්ෂණය කරන්න.
3. සිදුරැ කැමරාවෙන් ලබාගතහැකි ප්‍රතිබිම්බය වඩාත් පැහැදිලි කර ගැනීමට යොදාගත හැකි උපක්‍රම සොයා සිදුරැ කැමරාව වැඩි දියුණු කරන්න.