සාම්ප්‍රද්‍රයික සිංහල සැරසිලි ඒකක
 
පුරාණ සිංහල සැරසිලි ඒකක වල පාරම්භක අවස්‌ථාව වක දෙක නැමැති අභ්‍යාස ක්‍රමය පදනම් කරගෙන ව්‍යාප්ත වු සැරලිසි සන්ලක්‍ෂන ක්‍රමයෙකි.
ඉන් අනතුරුව ලියපතේ - රිද්මය- තිරිභිතලය තෙක්‌ සංවර්ධනය කොට ආධූනික කළාකරුවා විශාල දැනුම් සම්භාරයක්‌ ඇතිව පුර්ණ ශිල්පියකු බවට පරිවර්තනය කරලීමට මාර්ගෝපදේශකතවය සාම්ප්‍රද්‍රයික සැරසිලි සංලකෂණ වලට හැකියාව ලැබී ඇත.

සාම්ප්‍ර්‍රද්‍රයික සැරසිලි ඒකක ප්‍රධාන වශයෙන් කොටස්‌ 04 කි.

01. දිව්‍ය
02. සත්ත්ව
03. උද්භිද (වෘකෂ)
04. නිර්ඡීවි යනුවෙනි.

01. දිව්‍ය ගණය -


මෙම කොටස සඳහා සුර්ය සහ චනද්‍ර සටහන භාවිතයට ගනී. ලී කැටයම් පිත්තල කර්මාන්තය සඳහා යෙදෙන සැරසිල්ලක්‌ වන අතර සදාකාලික බව දැක්‌වෙන සංකේතයක්‌ වශයෙන් මෙය උපයෝගී කරගෙන ඇත.

02. සත්ත්ව අංශය.
මෙම අංශය ප්‍රධාන වශයෙන් අනු ප්‍රභේද 3 කට වර්ග කළ හැකිවේ.

1. ස්‌වාභාවික - මාඑවා පකෂින් අශ්වයා ගවයා මිනිසා වැනි තාත්වික රූප සටහන්

2. අර්ධ නිරුඩ - සිංහ නාග හංස කිහිඹි මුහුණ පරිසරයේ ස්‌වාභාවික කොටස්‌ යොදා රේඛා ගත කිරිම්

3. නිරූඨ මිථ්‍යා- නරසිංහ ගඡසිංහ භෙරුන්ඩ පක්‌ෂියා සැරපෙන්දියා (ගුරුඑ පකෂියා) මකරා ඇත්කඳ ළිහිණියා නාරිලතාමල ඡීවන වෘකෂය හංස පුට්‌ටුව සප්තනාරි පැල්ලැක්‌කිය නවනාරිකංඡරය ආදී නිර්මාණාත්මක තත්වයන් ප්‍රකට කිරීමට කලා කරුවා උත්සාහ ගෙන ඇත .

03. උද්භිද අංශය -
නිරුඪ· මිථ්‍යා වෘකෂ - නාරිලතා කඩුපුල් මල බිනර මල නෙඑම් මල කර්ණිකා කතිරිමල පිච්ච මල සපුමල වැටකෙයිමල කතිරමල අන්නාසිමල නෙඑම්මල සීනිමල නාරිලතා මල පිච්චමල කැකුළ ලියවැල විශේෂ උදාහරණ වේ.

04.  නිර්ඡීවි ( ඡ්‍යාමිතිය)

ඡ්‍යමිතිය රූප මෙම අංශයට අයිතිවන නිර්මාණ වේ. අරිම්බුව කුන්දිරක්‌කම් පනාව තනිපොට ලණුව පතුරු සුළිය දියරුළ හවඩිය මල හා කැකුළ කලස්‌ දගය තුන්දත් වැඩ මුතුදැල් ලියවැල කේතු වැල්පොට බෝපත් පලාපෙති ආදියයි.

මෙම සම්ප්‍රදායික සැරසිලි සංලක්‌ෂණ මධ්‍යකාලීන සිංහල කලාව තුළ 18 වන සියවස මහනුවර යුගයේදී නිර්මාණය කොට ඇත. එම යුගය තුළ පාරිහාරික පාරම්පරික කර්මාන්ත උදෙසා බහුල වශයෙන් මේ සැරසිලි භාවිතයට ගෙන ඇත.

සම්මත සිංහල සැරසිලි සංලක්‌ෂණ අතර සම්මතයේ පවතින මගුල් ලකුණු බුදුරඡාණන් වහන්සේගේ සිරිපාද ලංඡන දෙකේ එවැනි ලක්‌ෂණ 216 ක්‌ පවතින බවට තොරතුරු එම ලාංඡන අධ්‍යයනය කිරීමෙන් හැඳිනගත හැකි වේ.

මෙම ලාංඡන අතර - චක්‍රය දකෂිණවෘත සංඛ්‍ය ස්‌වස්‌තිකය සප්තමහා ගංගා පුර්ණඝට චනද්‍රසුර්ය මණ්‌ඩල මගුල්කඩුව පද්මය කුණ්‌ඩලාභරණ තුලාව නාග පෙණය සුදු සේසත චාමරය නිල්මහනෙල් මල සමන්මල රත්පියුම හෙළපියුම ස්‌වර්ණ මකර රාඡයා කෛලාස කුටය මත්ස්‍ය රූපය සිරිවස ආදිය වේ.  මෙම මගුල් ලකුණු නිරූඪ වශයෙන් හඳුන්වනු ලැබේ. (නිරුද්ධ) වශයෙන් කියැවෙන්නේ ඉවත්විම හා වෙන්විම යන සංකල්පයයි. එම ඉවත්විම වෙන්විම සිදුවී ඇත්තේ ස්‌වාභාවික පිහිටි දෙයිනි. ස්‌වභාවික හැඩයෙන් යම් යම් වෙනස්‌ තත්තව වලට පැමිණිම නිරූඪ වශයෙන් ගත හැකිවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017