මුරගල සඳහා නාගශිලා - අරක්‌ගල (ආරක්ෂාගල) යන නාමයන් භාවිතකර ඇත.
මුරගල හෙවත් දොරටුපාල රුව කොරවක් ගලේ ආරකෂාව පිළීබඳ කල්පනා කර පිහිටුවන ලද්දක් බවත් මුල් යුගයේ කොරවක්‌ගල මෙන්ම මුරගල ද දැවයෙන් නිමකර තිබුණ විය හැකි බවක් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා සඳහන් කරයි.
දැනට ලංකාවේ ඇති හොඳ ම මුරගල හමුවන්නේ අනුරාධපුර රත්නප්‍රාසාදයේ යි. මුල් යුගයේ මුරගල කැටයමින් තොරවු අතර පසුකලෙක පුර්ණ ඝටය බාහිරව (වාමන) රූපය හා නාරඡුගේ උඩුකය නිරුවත් ත්‍රිභංග හැඩය ගනී.
![](/unidata/m82/0/1/1/ranjan_p_1860ic2_2.jpg)
පුන නුලක් වැනි යමක් උරහිස සිට දෙපා තෙක් විහිද යයි. එක් අතෙක මල්කමින් ලියකමින් ලංකෘත පුන් කලසකි. අනෙක් අතෙහි වල්විදුනාවක් වී කරල් මිටියක් දාරාගෙන සිටියි. වම්පස අසල වාමනයෙකි. හිසට ඉහළින් ඇති අර්ධ කවාකාර කොටස දෙපස මකර රූ දෙකකි. පසුතලයේ පෙණහතේ නාගයෙකි.
වෙහෙර විහාර රාඡකීය ගොඩනැගිලි වලට ඇතුඑවන සෝපාන පන්ති අලංකාර කිරීමට නොමඳ උත්සාහයක් දැරූ පැරණි සිංහල කලාකරුවා එහි පාමුල සඳකඩ පහණ ද දෙපස කොරවක්‌ගල ද කොරවක්‌ගල කෙළවර මුරගල ද යෙදුවේය. මෙය ශිල්පීය පරිණතභාවය ප්‍රකට කෙරෙන මනා සංයමයෙන් යුතුව කළයුතු කලා කටයුත්තක් පුර්ණ නිමාව කියාපාන්නකි.

![](/sayura/images/logo2.png)