ජපානය
 


 

දෙවන ලෝක යුද්ධයේදී ජපානය මහත් විනාශයකට පත් වූ බව ඔබ සැම දෙනාම දන්නා කරුණකි. නමුත් පසු ගිය අවුරුදු 50 තූළ ලැබූ දියුණුව නිසා ජපානය අද ලෝකයේ ඉහල පෙලේ කාර්මික රටවල් 7 න් එකක් බවට පත්වී තිබෙනවා. ජනතාවගේ දේශානුරාගය , කැපවීම හා කාර්යක්ෂමතාව නිසා මේ තත්ත්වය ලබා ගැනීමට හැකි වී ඇති බව කියන්න පුළුවනි.

 මුළු භූමියෙන් 14% ක් පමණයි වගාවට යෝග්‍ය වන්නේ. ගොවිපොළ වල් ඉතා කූඩාය. කෘෂිකර්මය සඳහා නව තාක්ෂණ ක්‍රම හා සියුම් වගා ක්‍රම යොදා ගන්නවා. වී වගාව හැරුණු විට පළතූරු , එළවළු තේ ආදිය වවනවා. මස්, කිරි , බිත්තර නිපදවනවා. මිරිදිය මෙන්ම කරදිය ධීවර කර්මාන්තය අතින් ද ලෝකයේ මුල් තැනට පැමිණ සිටිනවා.


කාර්මික නිෂ්පාදන යටතේ යන්ත්‍ර සූත්‍ර , මෝටර් රථ , ඉලෙක්ටෝ‍රනික් උපකරණ , රසායන ද්‍රව්‍ය , ලෝහ භාණ්ඩ , යනාදිය නිෂ්පාදනය කරනවා. මෝටර් රථ නිෂ්පාදනය අතින් ලොව මුල් තැනට පැමිණ තිබෙනවා. දියුණු ප්‍රවාහන ක්‍රම මගින් මුහුදෙන් , ගූවනින් හා ගොඩ බිමින් ප්‍රධාන දූපත් එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා. හොන්ෂු හා හොකයිඩෝ දූපත් අතර ජපානයේ දිගම බිම් ගෙය තනා තිබෙනවා.


රාජ්‍ය භාෂාව ජපන් භාෂාවයි. ජපානයේ සංස්කෘතියද සුව්ශේෂ බවක් දක්වනාවා. මහායාන බෞද්ධාගම හා සම්බන්ධ පූජනීය ස්ථාන වල තිබෙන චිත්‍ර හා කැටයම් කලාවන් මගින් , ජපන් සංස්කෘතිය පිළිබිඹු වෙනවා. බටහිර සංසිකෘතියද අප රට කෙරෙහි බලපා තිබෙනවා කබුකි හා නො  ජපානයේ පවතින සම්ප්‍රදායික නාට්‍ය කලාවන්.


ජූඩෝ හා කරාටේ කී්‍රඩා සඳහා ජපානය ප්‍රසිද්ධයි. මේවා වෙනත් රටවල් කරා ද පැතිරී තිබෙනවා. ජපානයේ ෂින්ටෝ දහම හා බුදු දහම ප්‍රධාන වෙනවා. ඒවා ඉන්දියාවේ සිට චීනය හරහා පැමිණි ආගම්. ජපන් රටේ අද පවත්වන ජාතික උත්සව කීපයක් තිබෙනවා. ඒ අතර අළුත් අවුරුදු උත්සවය , මළවුන්ගේ අවුරුදු දා , වැදගත් තැනක් ගන්නවා.


ජපානය ද යම් යම් ගැටළුවලට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒ නම්
" ජාත්‍යන්තර වෙළඳ පොළ හා සම්බන්ධ ගැටළු
" ස්වභාවික සම්පත් හිඟය
" ඉඩම් හිඟය


(c) Shilpa Sayura Foundation 2006-2017