ඉපැරණි ශිෂ්ටාචාරයක මුල් බිමක් චීනයේ ඇති බව ඔබ දන්නවා. එකල ලෝකයේ දියුණු ම රටක් බවට චීනය පත් වී තිබුණා. ක්‍රම ක්‍රමයෙන් ඔවුනට ම සුවිශේෂ වූ සංස්කෘතියක් ද ගොඩ නැගූනා. සේද රෙදි , පිඟන් ආදී භාණ්ඩ අප රටින් ආරම්භ වූ සේද මාවත දිගේ ආසියානු මැද පෙරදිග රටවල් හරහා යුරෝපයට ගෙනගියා.
චීනයේ තාක්ෂණයද දියුණු තත්ත්වයක පැවතූනා. සතූරු ආක්‍රමණ වැලැක්වීම සඳහා පුදුම හතෙන් එකක් වශයෙන් සැලකෙන චීන මහා ප්‍රාකාරය ඉදි කෙරුණා.
සමාජ වාදී අර්ථ ක්‍රමයක් පවතින චීනයේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මයයි. වී වගාව ඉන් ප්‍රධානයි. වගාව සඳහා යෝග්‍ය තාක්ෂණය යොදා ගන්නා අතර සියුම් වගා ක්‍රමයක් අනුගමනය කරනවා. මේ නිසා හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්න වැඩි වී තිබෙනවා. තේ , එළවඵ , අර්තාපල් , පළතූරු ආදී බෝග ද වැවෙනවා. මිරිදිය හා කරදිය ධීවර කර්මාන්තය අතින් ලෝකයේ තූන්වෙනි තැනට පත් වී තිබෙනවා. යපස් හා ගල් අඟූරු සම්පත් අතින් පොහොසත්. චීනයේ යකඩ හා වානේ , යන්ත්‍ර සූත්‍ර , රෙදි පළි , රසායනික ද්‍රව්‍ය , සේද රෙදි , ඉලෙක්ටෝරනික් භාණ්ඩ , කඩදාසි වැනිදේ නිපදවනවා.
චීනයේ භාෂාව චීන භාෂාව යි. එහි ප්‍රභේද කීපයක් තිබෙනවා.මැන්ඩරින් , වූ , ක්ෂියැං සහ කැන්ටන.් රාජ්‍ය භාෂාව ලෙස පිළිගෙන ඇත්තේ මැන්ඩරින් භාෂාවයි.අක්ෂර මාලාව අතීතයේ සිට පරිණමය වූවක්. කොන්පියුසියස් ධර්මය චීනයේ අදහන එක් ආගමක් එ වගේම මහායාන බුදුදහමද වැදගත්. චීන ආගම හා දර්ශනය , කලා කෘති කෙරෙහි බලපා ඇති අතර සංගීතය හා නාට්‍ය කලාවන් චීනයේ දියුණුව පවතිනවා. මේ හැර සර්කස් සඳහාද චීනය ලෝක ප්‍රසිද්ධයි.
චීනය ලෝකයේ ඉහළ ම ජනසංඛ්‍යාව මිලියන 1200 ට වඩා වැඩි වන බව පැවසෙනවා. එය සංවර්ධනය කරා යන ගමනේදී ඔවුන් මුහුන පාන විශාලම අභියෝගයයි. ජන සංඛා්‍යාව වැඩිවීම පාලනය කිරීමට අද ඔවුන් ද කටයුතු කරනවා.