ගිණිකොණ දිග ආසියා කලාපයට අයත් රටවල් වන්නේ
සිතියම් අධ්‍යනය කර , ගිණිකොණ දිග ආසියාතික කලාපය හා ඒ කලාපයට අයත් රටවල් ද හඳුනාගන්න.
උතූරින් චීනය හා ඉන්දියාව , නැගෙනහිරින් පැසිපික් සාගරය , බටහිරින් බෙංගාල බොක්ක , දකූණින් ඉන්දියන් සාගරයෙන් මායිම් වූ භූමියේ , ගිණිකොණ දිග ආසියාව පිහිටා ඇත.
මේ කලාපයේ පොදු ලක්ෂණ
- ආසියාවේ ගිණීකොන දිග පිහිටා තිබීම.
මෝසම් දේශගූණයක් පැවතීම.
බොහෝ රටවල් වරෙක යටත් විජිත වශයෙන් පැවතීම.
රටවල් වැඩි සංඛ්‍යාවක් ආසියන් සංවිධානයේ සාමාජිකත්වය දැරීම.
මෙම කලාපයේ ප්‍රධාන වගාව වන වී , එහි වගා කරන මුඵ බිම් ප්‍රමානයෙන් 50% ක පමන පැතිරී ඇත. මියන්මාර් , කාම්පූචියා , පිලිපීනය , තායිලන්තය යන රටවල් සහල් අපනයනය කරයි.
කෙසෙල් . පොල් , උක් , පළතූරු , එළවඵ , වැනි ආහාර බෝග ද වගා කෙරෙන අතර සත්ත්ව පාලනයද වැදගත් තැනක් ගනී. මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ව්‍යාපාරික වශයෙන් රබර් වගාවද , ඉන්දුනීසියාව හා පිළිපීනය යන රටවල උක් වගාව ද කරනු ලැබේ. ම්ට අමතරව පාම් ඔයිල් , කෝපි , කූඵ බඩු ද වගා කරන බෝග අතර වේ.
දැව නිෂ්පාදනය ද මේ කලාපයේ මුල් තැනක් ගනී. පතල් කර්මාන්තය , ඉලකේට්‍රෝණික් නිෂ්පාදන , රථවාහන , යන්ත්‍ර සූත්‍ර එකලස් කිරීමේ කර්මාන්ත මෙහි දක්‌නට ඇත. ඉන්දුනීසියාව ඛනිජ තෙල් නිපදවන බැවින් ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වය දරයි.
මියන්මාර් හා තායිලන්තයේ ථෙරවාදි බුදු දහම ද , අනකේ රටවල ඉස්ලාම් දහම ද , පිලිපීනයේ කතෝලික දහමද අනෙක් රටවල ඉස්ලාම් දහම ද , පිලිපීනයේ කතෝලික දහමද කැපී පෙනෙන ආගම් වේ. කොන්ෆියුසියස් ධර්මය සහ හින්දු ධර්මය ද මේ කලාපයේ පැතිරී ඇති අනකේ ආගම් වේ. හින්දු ආගමේ සහ ථෙරවාදී බුදුදහමේ බලපෑම මෙම කලාපයේ කලා කෘති , හා ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි බලපා ඇත. බෝරෝබූදූර් , ස්වේදගොන් එලෙස ඉදිවූ පූජනීය ස්ථාන ලෙස වැදගත් වේ.
එසේ ම අකූරු හැකියාව ඉහල මට්ටමක පවතී. තායි , මැලේ , ඉන්දුනීසියානු , බූරුම , පිළිපීන යන භාෂාවලට අමතරව සෑම රටකම පාහේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කෙරේ.
මෙම කලාපයේ රටවල් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ විවිධ සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ඇත. බුරුමයෙන් භික්ෂූණ් වහන්සේලා මෙරටට පැමිණ , අභයගිරි විහාර පිරිවෙනේ ඉගෙනීම ලැබූ බව සඳහන් වේ. විජය බාහු රජතූමා එකල බුරුමයේ පාලකයා වූ අනවර්ථ රජතූමා සමඟ සබඳතා පවත්වා ඇත.
1 වෙනි පරාක්‍රම බාහු රජතූමා ගේ කාලයේදී බුරුම ආක්‍රමණයක් ඇති වූ බව ද, යට හේතූව වූයේ ලංකාවෙන් ගිය වෙළඳුන්ට බුරුම රජතුමා හිරිහැර කිරීම බව ද , සඳහන් වේ. වර්තමානයේදී ද මෙම රටවල් සමඟ ශ්‍රී ලංකාව වෙළඳ සබඳතා පවත්වයි.
මියෙන්මාර් , තායිලන්තය වැනි රටවලින් ලංකාවට සහල් ආනයනය කෙරේ. ඉන්දුනීසියාව , මැලේසියාව වැනි රටවල ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපවල ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කර ඇත. ඒ හැරුණු විට බෞද්ධාගමික සබඳතා ද පවතී.