විධි ක්‍රියා වාක්‍ය මුලට යෙදීම
 

විධි එනම් විධාන ක්‍රියා වාක්‍ය මුලට යෙදීම වාක්‍ය නිර්මාණ ප්‍රයෝගයකි.

එව, කව, බොව කියන තෙපුලෙන් පිරුණු ඇම තැන - බුදුගුණාලංකාරය
එම්බා ගංගා, නවතින, නවතිනු නවතිනු ගංගාවේ - ගීතයක්
කියහ, මගිය එනු කොහි සිට -දද සමනොළ ගොසිනා - පැරකුම්බා සිරිත
වධකය, මහේ හිස එක පහරින් ගසා දමමුව - කැපපෙටිපොළ
යන්න! ඔබේ නිවසට, සවස්‌ කාලයේ මෙහි සිටීම අනතුරුදායකයි
නැගෙව, හිමි මාතාංග - අමාවතුර

බලව, මේ දෙස, අසව, මා කියන්න, යව වහා නිවසට
අසනු මැන මගේ දුක, සිතනු මැන මා ගැන

කියනු එපා බොරු කියනු එපා
මා රවටන්නට හඬනු එපා - ගීතයක්

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - ගීතයක්
කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ - ගීතයක්

මනමේ නාටකයෙන් උදාහරණ
අසන් මපිය හිමි වූ තතු විලසා
බලන් සොඳේ මග ගොදුරු නොවී අප ගැලවෙනා
ගියා වැද්දෝ - නොම විද්දෝ

(c) Shilpa Sayura Foundation 2006-2017