- මැද පෙරදිග කලාපය උතූරෙන් කළු මුහුඳ හා කැස්පියන් මුහුදෙන්ද බටහිරින් හා නිරිත දිගින් පිළිවෙලින් මධ්‍යධරණී මුහුද හා රතූ මුහුදෙන් ද , දකූණින් හා ගිනිකොණින් අරාබි මුහුද හා පර්සියන් බොක්ක ද , නැගෙනහිරින් ආසියාතික ප්‍රදේශද පිහිටා ඇත.
මැද පෙරදිග කලාපයට අයත් වන රටවල් පහත පරිදි දැක්විය හැක.
- සෞදි අරාබිය
- ඉරානය
- ක්වේට්
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- ඉරාකය
- ඕමානය
මැද පෙරදිග වනාහි ආසියා , අප්‍රිකා හා යුරෝපා යන මහද්වීප තූන යා කරන කලාපයකි.
මැද පෙරදිග
01. භූමිය රළු විෂමතාවයකින් යුක්තය.
02. බොහෝ දුරට කාන්තාර දේශගූණයක් පවතී.
03. කාන්තාර ප්‍රදේශවල ඇති සාරවත් බිම් ක්ෂේම භූමි ලෙස හැඳින්වේ.
04. ලෝකයේ පැරණි දියුණු ශිෂ්ඨාචාර මෙහි පැවති බවට සාක්ෂි ඇත.
05. වර්ෂාව මඳ බැවින් පානීය ජල හිඟය ඔවුන්ට ගැටළුවක් වී ඇත.
06. ඛනිජ තෙල් අපනයනය මෙම් රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වේ.
07.ඛණිජ තෙල් ඇති රටවල් ඉහල ආදායම් ලබන අතර, ඛනිජ තෙල් නොමැති ඇතැම් රටවල් පහත් ආදායම් මට්ටමක පවතී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 23770 කි. මේ අතර මැදපෙරදිගට ඉතා ආසන්න රටක් ලෙස සැලකෙන ඇෆ්ගනිස්ථානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 168 කි.
යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් යන ආගම් වල නිජ බිම මෙම කලාපයයි. ඉස්ලාම් ආගම වර්තමානයේ ප්‍රධාන ආගම වී ඇත. නව අදහස්, නව සොයා ගැනීම්, නව ආගම් වැනි දෑ විශාල වශයෙන් මෙම කලාප තූල ඇති වූ බැවින් මෙය ශිෂ්ඨාචාරයේ තොටිල්ල යන නමින් ද හැඳින්වේ. මැද පෙරදිග වැසියනට ඉස්ලාමීය නීතිය අනුව විශේෂිත ඇඳුම් ඇත. ඔවුන්ගේ ප්‍රධාන භාෂාව අරාබි වන අතර ඉංග්‍රීසි භාෂාව ද ඔවුන් අතර ව්‍යවහාර වේ.
මැද පෙරදිග ප්‍රධාන ආදායම් මාර්ගය ඛනිජ තෙල් අපනයනය බව මීට ඉහත දක්වා ඇත. තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා එම රටවල මූලිකත්වයෙන් ඔපෙක් සංවිධානය පිහිටුවාගෙන ඇත.
මේ කලාපයේ පිහටි ඉරාකය අප රටේ ප්‍රධාන තේ ගැනුම් කරුවෙකි. දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් මඟින් රටඉඳි හා තේ හුවමාරු කෙරේ.
මැද පෙරදිග රටවල ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික පිරිසක් විවිධ රැකියාවන්හි යෙදී සිටිති. මේ මගින් වැඩි විදේශ විනිමයක් උපයා ගනී. 14 වන සියවසේ මෙරටට පැමිනි සංචාරකයෙකු වූ අරාබි ජාතික ඉබන් බතූතා ගේ වාර්තාවල සඳහන් වන පරිදි මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා අභ්‍යන්තර ඇතැම් ප්‍රදේශවල පදිංචි වී වෙළඳාමේ යෙදී සිට ඇති බව හෙලිවේ.