ගොඩ සරඹ ( අත් සරඹ )
 



පා සරඹ අභ්‍යාස කරමින් නැටුමට අදාල ලෙස පාදය හා සමබරතාවය පුරුදු පුහුනු වූ උඩරට ආධුනික ශිල්පියා ඊලගට ගොඩ සරඹ නොහොත් අත් සරඹ අභ්‍යාසයේ යෙදෙයි. නර්තන ශිල්පියාගේ අත් සහ හිස ඇතුලු ශරීරයේ සියලු අංග නර්තනය සදහා උචිත ලෙස සාදා ගැනීමට මෙම ගොඩ සරඹ අභ්‍යාසයේ යෙදෙයි.

උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ගොඩසරඹ ගනනින් දොලසකි (12).මේ එක්‌ එක්‌ ගොඩසරඹයට අයත් වෙනම කස්‌තිරමක්‌ ද වේ. ඒ අනුව ගොඩසරඹ අභ්‍යාස කස්‌තිරම් දොලසකින්ද සමංවිතය. පා සරඹ වලදී ඔබ ඉගෙනගත් හමාර පදය සේම ගොඩ සරඹයක්‌ හමාර කරනුයේ මෙම එකිනෙකට අදාල කස්‌තිරම නැටීමෙනි. ගොඩසරඹ අහ්‍යසයේ යෙදීමෙදී එම එක්‌ එක්‌ සරඹය ලය තුනට අනුව පුරුදු පුහුණු විය යුතුය.

උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් මූලික ඉරියවු පුරුදු පුහුණුව ඇතිවන්නෙ මේ ගොඩසරඹ හොදින් ප්‍රගුන කිරීමෙනි.මෙම ගොඩ සරඹ දොලහ සඳහා එකිනෙකට අදාල වූ විශේෂිත නාමයන් ඇත. පා සරඹ මෙන් නොව ගොඩසරඹ අභ්‍යසයේදී බෙර පදයට අනුවද සරඹ පුහුනුව සිදු කරයි. උඩරට නැටුමේ එන ගොඩසරඹ දොලොස සහ කස්‌තිරම් දොලොස පහතින් දැක්‌වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017