ප්‍රශස්‌තියක් යනු යම් උසස් පුද්ගලයෙකු ගුණ වර්ණනා කරමින් ගැයෙන ගායනාවන්ටය. එම පුද්ගලයාගේ මානුශික ගුණාංග, බලපරාක්‍රමය, ශක්‌තිය, මානව දායාව ආදි ගුණයන් කියෙවෙන කවි පන්තිය. ප්‍රශස්‌ති කාව්‍යන් ගේ ඉතිහාසය හයවෙනි පරාක්‍රමභාහු රජ සමය දක්‌වා දිවෙයි. මෙරට රචිත පළමු ප්‍රශස්‌ති කාව්‍ය ලෙස පැරකුම්භා සිරිත දැක්‌විය හැකිය. රාජසිංහ වර්ණනාව, ශ්‍රී නාමය, නරේන්ද්‍ර සිංහ වර්ණනාව, ශෘංගාරලංකාරය, වැනි ප්‍රශස්‌ති කාව්‍යන් මුල් තැනක් ගනී. රම්මොලවක අධිකාරම්, දස්‌කොන් අධිකාරම්, පාළුවැවේ ධර්මාරාම හිමි ආදිවුන් ප්‍රශස්‌ති කාව්‍ය රචකයන් ගෙන් කිහිපයකි. ඇහැලේපොළ වර්ණනාව ප්‍රශස්‌ති කාව්‍ය ඉතිහාසයේ අවසාන ප්‍රශස්‌ති නිර්මාණය ලෙස සැලකේ.
ප්‍රශස්‌ති ගායනා කරනු ලැබූයේ වන්දිභට්‌ටයන් යනුවෙන් හදුන්වනු ලබන කලාශිල්පීන් විසින් රජුගේ මගුල් මඩුවේදීය.
ප්‍රශස්‌ති ගායනා ප්‍රධාන වශයෙන් කොටස් 3 කින් දැක්‌විය හැකිය.
ප්‍රශස්‌ති ගායනා ප්‍රධාන වශයෙන් කොටස් 3 කින් දැක්‌විය හැකිය.
1. බුද්ධ ප්‍රශස්‌ති.
බුදුන් වහංසේගේ ගුණ ගැයෙන, ගාථා, ශ්ලෝක, සන්න ගායනා මෙනමින් හැදින්වේ.
2. දේව ප්‍රශස්‌ති.
දෙවි වරුංගේ ගුණ ගැයෙන අෂ්ඨක ආදිය මෙනමින් හැදිංවේ.
3. රාජ ප්‍රශස්‌ති.
රජවරු ප්‍රභූවරුන් ගේ ගුණ ගැයෙන ගායනාවන් රාජ ප්‍රශස්‌ති වේ. අපට නර්තනය විශයේදී හමුවන්නේ මෙම රාජ ප්‍රශස්‌තීන් ය.
1. රාජ සිංහ රජුට ගැයුනු ප්‍රශස්‌තියක්.

පානා අසිරි නොහැර පානා දෙනෙත් කුසුම බානා පියෙවු බලැති කුංක මේ
නූනා වැළදි කමල යානා සඳද සදවු පීනා සපිරි සරිනි සංක මේ
පීනා සමර සයුර නානා නතන නතඹ නානා නෙදී ගුණෙන කුංකු මේ
සේනා සමග මෙකල නානා සිරිත් පවතු භූනාධිපති රාජ සිංහ මේ
නූනා වැළදි කමල යානා සඳද සදවු පීනා සපිරි සරිනි සංක මේ
පීනා සමර සයුර නානා නතන නතඹ නානා නෙදී ගුණෙන කුංකු මේ
සේනා සමග මෙකල නානා සිරිත් පවතු භූනාධිපති රාජ සිංහ මේ
2. නරේන්ද්‍ර සිංහ රජු ගුණ ගැයෙන ප්‍රශස්‌ති
වරමාතී සුභ චරිතේ - ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නෘපතේ
භෝජ රාජ සම තේජහි රාමා
ත්‍යාජ කාමරණ භූෂණ සෝමා
වාදිත කුල දෘති වන්දභි රාමා
නරෙන්ද්‍ර සිංහ නර නායක භූමා
දුර්ජන දුෂ්ඨ විභංජන කෝපා
සත්ජන සත්ව සුරක්‍ෂ මනාපා
වර්ජිත රිෂ්ඨා වර්ජි සුපාපා
අර්ජුන භූභුජ ශ්‍රීධර චාපා
රංසිමාල කුල අර්ණ වක්‍ෂිරා
අංශූ මාත්‍ර සන්තෝෂණ කාරා
නන්දන වදු තනු රාමවතාරා
හිංස අභී භෝ ගාසන ධීරා
වරමාතී සුභ චරිතේ - ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නෘපතේ
භෝජ රාජ සම තේජහි රාමා
ත්‍යාජ කාමරණ භූෂණ සෝමා
වාදිත කුල දෘති වන්දභි රාමා
නරෙන්ද්‍ර සිංහ නර නායක භූමා
දුර්ජන දුෂ්ඨ විභංජන කෝපා
සත්ජන සත්ව සුරක්‍ෂ මනාපා
වර්ජිත රිෂ්ඨා වර්ජි සුපාපා
අර්ජුන භූභුජ ශ්‍රීධර චාපා
රංසිමාල කුල අර්ණ වක්‍ෂිරා
අංශූ මාත්‍ර සන්තෝෂණ කාරා
නන්දන වදු තනු රාමවතාරා
හිංස අභී භෝ ගාසන ධීරා
3. පැරකුම්බා රජු ගැන ලියැවුණු ප්‍රශස්‌ති කවියක්
බන්දා මින්දද මඳ අරවින්දා - සරලා සරයස නේ
මන්දා නිල තුරඟුට නැගෙමින්දා - වියෝවග නංවානේ
වින්දා නලලෙස වියනෙත නින්දා - නොලදිමි තනි යානේ
කැන්දා වර පැරකුම්බා නර නින්දා - සකිසඳ සඳ පානේ
බන්දා මින්දද මඳ අරවින්දා - සරලා සරයස නේ
මන්දා නිල තුරඟුට නැගෙමින්දා - වියෝවග නංවානේ
වින්දා නලලෙස වියනෙත නින්දා - නොලදිමි තනි යානේ
කැන්දා වර පැරකුම්බා නර නින්දා - සකිසඳ සඳ පානේ