- සුළඟෙ වේගය
- පසෙ අඩංගු ජල ප්‍රමාණය
- පරිසර උෂ්ණත්වය
- වාතයේ ආර්ද්‍රතාව (වාතයේ අඩංගු ජල වාශ්ප ප්‍රමාණය)
උතස්‌වේදන සීඝ්‍රතාවය මැනීම සදහා විද්‍යාගාර තුළ යෝදාගන්න උපකරණය පාන මානය (potometer) නම් වේ.
පසේ ජලය හිග වන විට ශාක මැළ වේ. බොහෝ ශාක ජලය හිග කාල වල දී උත්ස්‌වේදනය අඩුකර ගැනීමට උපක්‍රම යෙදාගනී. විශේෂයෙන්ම ශුෂ්ක පරිසර වල වැඩෙන ශාක වල පත්‍රය උත්ස්‌වේදනය අඩුවන පරිදි අනුවර්ථනය වී ඇත. විවිධ ශාක විවිධාකාරයට උත්ස්‌වේදනය සීමා කර ගනී.
උදාහරණ:-
පතොක් ශාකය (Opunita)
- පත්‍ර ක්‍ෂිණ වී ඇත. කක්‍ෂිය අංකුර කටු බවට විකරණය වී ඇත.
- කද මාංසල වී ඇත.
- කද කොළ පාට වී ප්‍රභාසංශ්ලේෂණ කර්යය ඉටුකරයි.
දළුක් ශාකය (Euphorbia antiquorum)
- පත්‍ර ක්‍ෂිණ වී ඇත.
- ශාකද කොළපාටය. මාංසලය.
- ජලය රදවා ගැනීමට කිරිවැනි සාන්ද්‍ර ද්‍රාවණයක් ඇත.
නවහන්ඳි ශාකය (Euphorbia tituculli)
කස ශාකයේ පත්‍ර ද කුඩා වී ශල්ක බවට හැරී ඇත. එහි කඳ කොළ පැහැවී ප්‍රභාසංශ්ලෙ ණය ඉටු කරයි. එහි කඳෙහි පුටිකා ඇත්තේ ඉතාසුළු වශයෙනි. ඒ නිසා උතස්‌වේඳනය සීමාවී ඇත. මේ අනූව දළුක්, නවහන්දි, ආදියේ පත්‍රවල කාර්යය ඉටු කරන ස්‌කන්ධාභ ලෙස හැදින්වේ.
අක්‌කපාන (Bryophyllum) ශාකයේ පත්‍රවල උච්චර්මය ඉතා ඝනකමය. එම නිසා උච්චර්මීය උත්ස්‌වේදනය ඉතා අඩු ය. පත්‍ර මංසල නිසා ජලය ගබඩා වී ඇත.
වට්‌ටක්‌කා (Cucurbita) ශාකයේ පත්‍ර මත බූවක් දක්‌නට අත. බූව් නිසා පුටිකා අවට සංසරණය සීමා වේ. මේ නිසා පුටිකා අවට වාත සංසරණය සීමා වේ.