ඒකල නර්තනයක දිසා හා තල භාවිතය
 

ඒකල රංගන අවස්‌තාවකදී එය ඉදිරිපත් කරන ශිල්පියා වේදිකාව මත එකම තැනක සිටිමින් එකම තලයක නර්තනයේ නියැලෙන්නේ යැයි සිතන්න. ඒකාකාරි එම රංගනය තුල ප්‍රසංගාත්මක භාවයක්‌ හෝ කිසිදු සුන්දරත්වයක්‌ දැකීමට ඔබට නොහැකිවනු ඇත.

නිවැරදි ඒකල නර්තනයකදී ශිල්පියා විසින් විවිධ දිසාවන්ට ගමන් කරමින් එය ඉදිරිපත් කරයි. විටෙක වේදිකාව වටේ ගමන් කරයි, විටෙක ඉදිරියටත්, පසුපසටත් දෙපසටත් ගමන් කරයි. මෙසේ දිසා භාවිතා කරන අතරම බිමට පහත්වෙමින්, උඩ පනිමින්, කැරකෙමින් විවිධ තලද භාවිතා කරනු ලබයි.