දිසා භාවිතය
 
කෙටි ක්‍රියාකාරකම් මගින් දිසාව පැහැදිලි කර ගනිමු. ඔබට නිදහසේ හැසිරීමට ඇති තැනක්‌ තෝරාගන්න. දැන් ඔබ සීරුවෙන් සිට ඔබ සිටින ස්‌ථානය ලකුණු කරගන්න. දැන් එම තැනම සිටිමින් ඔබේ දකුණු පාදය හා දකුණු අත ඉදිරියට දික්‌ කරන්න. පාදය තැබූ ස්‌ථානය ලකුණු කරන්න. ඒ ආකාරයෙන්ම ඔබේ වම් අත හා පාදය පිටු පසට දිඟුකරන්න.

පාදය තිබෙන තැන ලකුණු කරගන්න. ඒ ආකාරයෙන්ම ඔබේ දෙපසට අත් හා පාද විහිදුවා පාදයට හිමි තැන ලකුණු කරගන්න. ඔබ ලකුණු කරගත් සලකුණු පහත රූපයේ දැක්‌වෙන පරිදිය. මධ්‍යයේ ඇත්තේ ඔබ සිට ගත් ස්‌ථානය වන අතර උතුර, නැගෙනහිර, දකුණ, බටහිට දිසාවන් හි අනෙක්‌ සලකුණු වේ.

දැන් ඔබ පෙර මධ්‍ය ස්‌ථානයේ සිටිමින්ම, ඔබ කලින් පාදය තැබූ ස්‌ථානයන් දෙකක්‌ අතර ඇති ඉඩ තුල පාදය තබා එම ස්‌ථාන ලකුණු කරගන්න.( ඊශාන, ගිනිකොණ, නිරිත, වයඹ දිසාවන්ට ) එවිට ඔබ සලකුණු කළ දිසාවන් ගේ හැඩය පහත රූපයේ දැක්‌වෙන පරිදි වේ.





 




ඉහත රූපයේ ඊ හිස්‌වලින් දක්‌වා ඇත්තේ ඔබ පාදය දික්‌කල දිසාවන් ය. මෙම සලකුණු එකිනෙක යාකර බැලූවිට එය වෘත්තයක හැඩයක්‌ ගනී.
 දැන් අපි මේ දිසාවන් නම් කරමු,
 
 ප්‍රධාන දිසාවන් හතරකි. ඒවානම්
 1. ඉදිරිපස
 2. වම් පස
 3. පිටුපස
 4. දකුණු පස ( මෙය දකුණු දිසාව නොව ඔබේ දකුණු පාදය හා අත ඇති පැත්තයි )
 
 එම ප්‍රධාන දිසාවන් අතර ඇති කෝණයන් පහත දැක්‌වෙන පරිදි නම්කල හැකිය.
 
 ඉදිරිපස්‌ හා වම්පස අතර - ඉදිරිපස වම් කෝණය
 වම්පස හා පිටුපස අතර - වම්පස පිටුපස කෝණය
 පිටුපස හා දකුණු පස අතර - පිටුපස දකුණු කෝණය
 ඉදිරිපස හා දකුණු පස අතර - ඉදිරිපස දකුණු කෝණය.
 
 ඔබ පාද තැබූ ස්‌ථාන ඉහත සදහන් කල පරිදි ගණනින් 8 කී. මීට අමතරව අපට භාවිතා කල හැකි තවත් දිසාවන් දෙකකි. ඒ උඩ හා යට දිසා දෙකයි. ඔබ මධ්‍ය ලක්‍ෂයේ සිට ඔබේ අත් කෙලින් උඩටත් පහලත් දිගහරින්න. එවිට උඩට හා යටටද චලනයන් කල හැකි බව ඔබට හැගෙනු ඇත.
 
 මේ අනුව අප අවකාශ භාවිතයේදි අපට චලනය විය හැකි දිසාවන් 10 පහත රූප සටහනේ පරිදි වේ.
















ඉහත උදාහරණ මගින් අප පැහැදිලි කරගනු ලැබූයේ අපට රංගනයේදි චලන ඉදිරිපත් කලහැකි දිසාවන් පිලිබඳවය.