පොදු අවකාශය
 
ඒකල නර්තන අංග මෙන්ම සමූහ වශයෙන් රග දක්‌වන නර්තනයන් ඔබ නරඹා ඇත. කණ්‌ඩායමක්‌ එක්‌වී කෙරෙන සමූහ නර්තනයකදී ශිල්පීන් කිහිපදෙනෙක්‌ එකම අවස්‌තාවේදී අවකාශය ප්‍රයෝජනයට ගනී. ඒ සැම ශිල්පියෙකුම තමාගේ පුද්ගල අවකාශය වේදිකාවේ විවිධ ස්‌ථාන කරා යමින් තම අවකාශය භාවිතා කරනු ලබයි. සමූහ නැටුමකදී වේදිකාව තුල හැසිරීමට ඇති මුලු නර්තන අවකාශය සියලු ශිල්පීන් විසින් සමව බෙදා ගත යුතුය. මෙසේ කාණ්‌ඩයක්‌ එක්‌වී අවකාශය පොදුවේ භාවිතා කිරීම පොදු අවකාශය නමින් හැදින්වේ.
 
 පොදු අවකාශය භාවිතයේදී,
 *. තමන්ට මෙන්ම අනෙකුත් ශිල්පීන්ටද පුද්ගල අවකාශයක්‌ ඇතිබව හදුනාගත යුතුය.
 *. රංග භූමියේ සීමාවන් හා නර්තන අවකාශය හොදින් අවබෝධ කරගත යුතුය.
 *. එකිනෙකා අවබෝධයෙන් පොදු අවකාශය භාවිතා කර යුතුය. නො එසේනම් කොතෙත් හොදින් රංගන කාර්යයේ නිරිත වූවත් නර්තනය අලංකරවත් නොවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017