අවධාරණය සඳහා පුනරුක්‌තිය භාවිතය
 

පුනරුක්‌තිය පදයක්‌ නැවත නැවත යෙදීම මින් අදහස් කෙරේ

පුනරුක්‌තිය වියතුන් යොදා ගන්නා භාෂා ප්‍රයෝගයකි.

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
කව්දැයි කවුදැයි රණ්‌ඩු කරන්නේ
එක්‌ සීතල සීතල සීතල රාත්‍රියකදී ඔබ ආවා

ගුත්තිලයෙන්
ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක්‌ සසර
අනේ! දෙව්දත් නොදුටි මොක්‌පුර

අනේ! අනේ! මේ කොල්ලා නම් හදන්නට බෑ

රන් රන් රන් රන් රන්වන් රන්වන් සේලේ
මල් මල් මල් මල් මල්දම් මල්දම් මාලේ

ගද්‍ය රචනයේදී පද නැවත නැවත යෙදීම සමහර විටක රසය නැතිකරයි.
එවන් පුනරුක්‌ති දෝශ ගැනද උනන්දු වන්න.

ඒ සිකුරාදා දිනයකි. යන්න එදා සිකරාදාවකි හෝ ඒ සිකුරු දිනයකි යනුවෙන් යොදන්න.

පොල්ගස තාළ වර්ගයට අයත් ගසකි. යන්න විමසන්න.
පොල් තාළ වර්ගයට අයත් ගසකි හෝ පොල්ගස තාළ වර්ගයට අයත්ය. කියා ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017