ධාතු විස්‌තරය 6
 

ඇත කරුණක්‌ දැනගන්නට අමාරු ව
ඉත මිතුරෙක්‌ නොලැබුනෙ පවකි පූරු ව
අත ඔසවා වැඳ ගන්නට අපූරු ව
කොත නද කියන් පාරිභෝගික ඩබරා ව

කාට නුමුත් තිබුණොත් කුසල පූරු ව
රට පල නොලැබ යනවාද මේ ලො ව
මීට වඩා දිව සැප සැදේ පර ලො ව
පාට ලී පුත්ත නුවරයි ඩබරා ව

ඇත මට තව වගක්‌ අහගන්නට ඉ න්නේ
හිත පමණට විතරද බණ පවති න්නේ
නැත කීවට දහමට පාඩුව වෙ න්නේ
කොතනද තුන් සිවුරු ගෞතම බුදු න්නේ

වින්ද නිසි සැපත මේ ලෙස නොවෙයි ති ර
කැන්ද වැනි දිනක මරුවා ඇවිත් ගො ර
කින්ද රුති නැතුව ඉන්නේ පින් නොක ර
බන්දු මතී නුවරය ඒ තුන් සිවු ර

උපමා ඔය කීවත් නැත කිසි එ ල්ල
සැප මොක්‌ සැපත ලැබුවෝතින් සැනසි ල්ල
අප සුගතිදුගෙ පරිබෝගික ඇතිරි ල්ල
තොප මා කියන් කොතනද දැන පැවති ල්ල

පවට ඉඩ නොදී සිත කය සැන සි ල්ල
සොදට තුනුරුවන් සිහිකර ඇදහි ල්ල
අපට එයින් ලැබේය මතු ගැලවි ල්ල
මකුට පුර නොවෙද මුනිදුගෙ ඇතිරි ල්ල

පිරි සිදු සිල් රැක මොක්‌ පුර පැමිනෙ න්නේ
බැරි වුනි නම් කෙලෙසද මතු ගැලවෙ න්නේ
පරිබෝගික පන්කඩ අපෙ මුනිදු න්නේ
හරි යට කොතනද මට පවස න්නේ

මේ පිළිවෙල කී ලෙස අරගනෙ සිත ට
මා සිහි කරමින් ගුරුවරයෙක්‌ ලෙස ට
කී කළ දේ වරදයි නොකියා මී ට
කෝසල පුර නොවෙද පන්කඩ දැනගන් ට

වැසි තිබුණු බණ ලෝකෙට පතළ උ න
පැසී ගොයම් කපනා සරු කෙතක්‌ මෙ න
රුසී කෙනෙක්‌ මෙන් ඇසිදේ කියා දෙ න
නිසි දනය අප මුනිදුගෙ කිය කොත න

බොරුවට නොවෙයි සබඳිනි මම පවස න්නේ
ගරුකොට අහන වගමයි මට තේරෙ න්නේ
අරුමෙට මෙහෙම දේ අහලා දැනග න්නේ
කුරුරට නොවෙද අපෙ මුනිදුගෙ නිසිද නේ

වැන්දොත් ධාතු බුදුගුණ සිහිකර නිත රේ
වින්දත් එපින් පල සසරෙදි නිරන්ත රේ
දුන්වත් නොගෙවි නිවනට විය එපා රේ
දුන් දන් සුදන වැඳගති ධාතු නිරතු රේ

සුර නර නා ලොවැති සැම ධාතු රැ සා
වඳිමි තමා තුන් සිත පහදා සතො සා
එපින් සැමා සතහට අත්වී නොල සා
ලබමුව අමා මොක්‌ සැප මෙත් මුනි දව සා

ස ස ඟ සියල් බඹ ලොව වැසෙන දෙවිය නී
උ ර ග ගුරුළු යක්‌ බූ නර අසුරුයි නී
නොලග ලග වැසෙන දිය ගොඩ සවු සතු නි
ස ම ග මෙපින් අනුමෝදන් සම සිති නි

(c) Shilpa Sayura Foundation 2006-2017