මැලි නොව කුසල් කර දෙලොවට වැඩ සෑ දු
කලි දැන් අපට පැමිණි තිබෙන පිරිසි දු
යළි සැප ලැබෙයි බුදුගුණ ඇසුවොත් මෙබ දු
නැලියට මොකද කෙරුවේ ඒ ධාතු බෙ දු
පිරිය වෙමින් වෙන වෙන මැනලා දුනි ය
කලිය හිතේ පැවතුනු ලෙසට නොලැබි ය
බැරිය කියා දෙන්නට ඔහු අරන් ගි ය
තැළිය පිහිටුවා බැඳි කුම්බ තප ය
දුර සිටලා ඇවිදින් වෙහෙසුනා මි ස
කර ගන්නට බැරිවුනි සිතුව අදහ ස
දර සෑයේ පැවතුණු ඒ අඟුරු රැ ස
අර ගණ ගියේ කවුදැයි දනිතොත් පව ස
නෑරිය තමන් තුල පවතින ගුණ මහ රූ
වීරිය බලෙන් ලැබුමට මතු නිවන් ස රූ
කාරිය කට නොගෙන එහි තිබු දැවු අඟු රූ
මෝරිය නුවර අරගෙණ ගොස් වෙහෙර කෙ රූ
සවන් දෙක යොමා අස මුනි දෙසූ බ ණ
බුදුන් දැක නිවන් සැප මත පතා ගෙ ණ
කියන් සැක නැතිව දනිතොත් මේ කරු ණ
අබින් නක ධාතු කීයක්ද පැවත ණ
එතෙක් වෙලා ගියනන් කළ කුසල් ටි ක
දුකක් ලැබෙනවා ඇත නොසිතන්න සැ ක
මතක් වෙලා ඇසුවා කදිමයි මේ ක
සතක් ධාතු පැවති ඇත ඇබිත්ත ක
බණදැන කුසල් කෙරුවොත් පින පල මහ ත
වෙන මොනවද පරලොව යන දෙයක් නැ ත
පනයන තුරා නාරිමි තුනුරුවන් සෙ ත
වෙන වෙන කියමි පැවතුණු ඒ ධාතු හ ත
දුකකි සසර තැන තැන ඇවිදින එක කි
වැලකී පවින් පින් කෙරුමට නිසි කලෙ කි
නමකි සිරෝදා දළදා සිවු නම කි
දෙනමකි අකුධාතු මේ හත් නමයි ස කි
සාරීරික කියාද කොටස් පව තී
පරිභෝගික කියා යලි කොටසකුත් වෙ තී
උද්දේශික නමින් තව කොටසක් පව තී
තුන් කොටසේ අකු ධාතු විස්තර මෙලෙස වෙ තී
පැවතුණු දාතු අප මුණිදුගෙ සරීර ක
එම පරිබෝග කල දේ පාරිබෝගි ක
මුනි උදෙසා කළ පිළුරූ උදේසි ක
නිවන පනා වදුමේ නොම ධාතු සැ ක