ධාතු විස්‌තරය 4
 

දෙන්නට තිලෝ සැප මුනිදුන් මිස කව් ද
ගන්නට වෙනින් නැතුවාමයි අවවා ද
යන්නට මොක්‌ පුරට හිනිපෙති පෙළ නොවෙ ද
තුන් කොටසේ ධාතුවල වරුණ කොහොම ද

වරුණ එරන් වර්ණයමයි පළමු වෙ නි
වරුණ එමුතු වර්ණය කොටසේ දෙවෙ නි
වරුණ කොද කැකුළු වර්ණයට තුන්වෙ නි
වරුණ වෙන වෙනම මේ ලෙසට පැවතු නි

පිළි සරණේ වෙන නැත තෙරුවන් සේ ම
මැලි නොව වැඳ පුදා ගන්නට දෙවේලෙ ම
කලි දැන් අපට පැමිණි තිබෙන උත්ත ම
නැලි ගණනින් කීයද ධාතු සේර ම

මුලු සූරිය වන්සෙන් පැවත බුදු වු න
බල පින් කෙතකි මොක්‌ සිරි සැප සදා දෙ න
පල අදහා වැදුමට දෙලොවින් ලැබෙ න
සොල සක්‌ නැලි ඇත්තෙ මුළු දා ගණ න

හේතු බලේ හැමකල් පවතිනවා ද
ජාති කරපු පින් ඇති තරමට නොවෙ ද
දෝත පුරා මල් ගෙන මුනිදුන්ට පු ද
ධාතු බෙදා දුන්නේ මැනලා කවු ද

පාන නිවුනි තුන් ලොව එක ලෙස පැව තු
මූන බලා කාගෙන් ගැලවෙන්නද ම තු
ඌණ වෙලා නොයන්ට පවතින හේ තු
දෝණ බමුණු මැනලා බෙදුවේ ධා තු

පුදා මල් පහන් වැඳ ගන්නා අටි යේ
එදා දෙව් බඹුන් රැස්‌වේගෙන සිටි යේ
සදා ගන්ට නොලැබුනි සිතුව කාරි යේ
බෙදා ගණ ධාතු කව්දැයි අරන් ගි යේ

යෙදී සිටියේ රජවරු අට දෙන පැහැ දී
නෙදි අරන් ගොස්‌ තම තම නුවර වැ දී
බැදී අටක්‌ දා ගැබ් වෙන වෙනම සෑ දී
පිදි නොයෙක්‌ දනයෙන් නිරතුරුවම වදී

හිත හොද වෙන්ඩ දහමේ ගුරුකම් එම ට
ඇත දැනගන්ට බැරිවුනි පූරුවෙ පව ට
සෙත ලැබගන්ට ඕනෑ මින් පරලොව ට
කොත තද ධාතු පිහිටෙව් ඒ නුවර අ ට

රජගහ නුවර සහ වේසාලි නුවර ය
කපිල වස්‌තු පුර සහ අල්ල කප්ප ය
රාමගම වේටදීපය පාවෙයි ය
කුසිනාරා පුරය යන මෙනුවර අට ය

(c) Shilpa Sayura Foundation 2006-2017