ලකුණු බලාලා බුදුවෙනවාම දැ නේ
දකුණු උකුල පුන්කලසක් දරා ගෙ නේ
අකුණු ගසන ලෙස මිහිකත පැන නැඟු නේ
දකුණු අකු ධාතු පිහිටපු තැන කොත නේ
බාණු රිවි උදාවෙන කල එලිවෙන රා මේ
පේණු වෙලා ගොස් වඳු විසිතුරු රා මේ
රූණු පොළොව දිවසින් දැක ලැබුවේ මේ
දකුණු අකු ධාතු ඇත තුපාරා මේ
ප්රදක්ෂිනාවෙන් බෝමැඩ සිතින් සි තු
අදිෂ්ටාන බලයෙන් බුදු බවම පැ තු
තුදුස් රියන් වජ්රාසන පිට බා තු
අදිෂ්ටාන කොතනද ලලාට ධා තු
කලක මුනිදු උපනිය සත්දන්ත කු ලේ
දල දෙක කපා දුන්නේ බුදු බවට ලො ලේ
දල පිහිටා දාගැබ් බඳවාපු ක ලේ
ලලාට ධාතු පිහිටියෙ සේරුවා වි ලේඋතුන් මුනිදු බුදුවී මෙලොව ඇති ගු නේ
සතුන් සැවොම සසරින් ගොඩලන්ට සෙ නේ
මෙතුන් ලොවට කරුණාවෙන්ම බුදු උ නේ
උතුන් දන්ත ධාතුව පිහිටියෙ කොත නේ
ගෙළෙක මුතු පබළු මෙන් වැඩ කෙරුවා ය
ගලක රේකාව මෙන් පවතිනවා ය
මලක රොණට බමරිදු නද දෙනවා ය
තිලක දන්ත ධාතුව සෙන්කඩ ගල ය
පෙරුන්පුරා ලොව්තුරු මුනිදු බුදු උ නේ
නිවන් පුරා දුන් දානේ අනුහසි නේ
නේත්තරා දන් දුන් මහ බෝසතු නේ
පාත්තරා ධාතුව පිහිටියෙ කොත නේ
මාත්තරා මරසෙන් ගෙනත් යුද ක ලේ
ගෝත්තරා නෑරම මුනිදු නිකස ලේ
දොහොත් පුරා මල් පුද ගොස් නිසන්ස ලේ
පාත්තරා ධාතුව අඹතලා ග ලේ
බුදුන් කියන බස තුන් ලොව පරසිද් දා
මිදී ගියේ සසරින් සිල් රැකි සින් දා
සතුනි බලවු මේ තුන් ලොව ලුහුබන් දා
දකුණු සිරිපතුල පිහිටියෙ කොතනේ දාවැටුණු තලිය තලි තුනකට ප ල්ලෙයා
ඉසුණු බුදුරැසින් මහමෙර සෙ ල්ලේයා
ලකුණු බලාලා මහමෙර එ ල්ලෙයා
දකුණු සිරිපතුල මක්කම වැ ල්ලේයා
![](/sayura/images/logo2.png)