ධාතු විස්‌තරය 1
 

සාරා සන්ක කජ් ලක්‌සය පෙරුම් පුරා
ගෝරා මරු දිනා බුදු බව ලත් පව
දිරා බල ගුණැති අප මුනිදු ලොවුතු
නෑ රා අන් මුදුන් දී නදිමි පද ස

පැණසර මුනිතුමන් සව්නේ දන් පව රා
බඹ ඇර දුමෙන් දෙසු ලොව්තුරු දම් සයු රා
පුවතර සුපින් කෙත් සඟරුවන මනහ රා
නම කර බැතින් පවසම් ධාතු විස්‌ත රා

වාත මේග සුලඟක්‌ සේ ගුවන් ත ර
ඈත එපිට වැඩ සිටියත් වනන්ත ර
දෝත මුදුන් දී වඳිමුව නිරන්ත ර
නාන දෙව්දු දෙන්නේ මෙමට අවස ර

ගුවනින් වඩින ඉර සඳ දෙව් වදි න්නේ
පොළොවේ සිටින මිහිකත් දෙව් වදි න්නේ
සැම දෙව් වරුන්ගෙන් අවසර ලැබෙ න්නේ
ධාතු පිහිටි තැන් තෝරා කිය න්නේ

පළ කළ සරණ මුණිගුණ ඇසුවොත් මිහි ර
බල පිහිටන සතහට දිවිය මන්ත ර
මෙලොව සතුන්හට සිරි දෙන නිවන් පු ර
කොලහල නැතුව අසනුව ධාතු විස්‌ත ර

කියන් බුදුගුණේ සිහිකර නිරන්ත ර
දහම් අමා අස මේ වදන පුවත ර
සවන් නමා ඇසුවොත් බණ පවිස්‌ත ර
නිවන් දකින් ඇසුවෝ ධාතු විස්‌ත ර

සරොස නොවන් මම මේ වග ඇසුවා ට
සිහි නුවණින් විමසාලා බලන ව ට
බුදුගුණ තොසින් තෝරාලා බලනව ට
පිහිටි ධාතු මයියන්ගණ කියන් ම ට

මයියන් කෙළේ දෙවියෝ වැඩ ඉන්ට ම තු
දෙයියන් බුදුන් එකතැන පවතින්ට ම තු
කොයියන් ලෙසින් වන් වැඳ වැඳ ඉන්ට යු තු
මයියන් ගණේ පිහිටියෙ ග්‍රිවා ධා තු

අහස පලක්‌ බැඳ මුණි රජ වැඩ සිටි යේ
දේස දේසවල බුදුරැස්‌ පැතිර ගි යේ
වෙහෙස නැතිව ලොවුතුරු මුනි වැඩ සිටි යේ
කේස ධාතු මයියන්ගණ මුල් අඩි යේ

කේස ධාතු පිහිටා දාගැබ බැන් දා
ඉඳුනිල් මිණියෙන් සත් රියනක්‌ බැන් දා
බැඳි දාගැබ මේ තුන්ලොව පරසිද් දා
වඳිති එතන සැම දෙවියෝ නොවරද් දා

(c) Shilpa Sayura Foundation 2006-2017