ඝර්ෂණ බලය හා එය අඩු වැඩි කරගන්නා ක්‍රම
 
යම් වස්තුවක් නිෂ්චලව තිබෙන විට ක්‍රියා කරන බල ගැන දැන් අපි දනිමු.
 
එම වස්තුව යම් කිසි චලනයකට ලක් කරන විට ඒ මත නිෂ්චලව තිබෙන අවස්ථාවේදී ක්‍රියා කරන බල වලට අමතරව බල කීපයක්ම ක්‍රියා කරයි,
 
ඒවා නම් ඔබ විසින් යොදන බලය (F) හා ඊට විරැද්ධව පොළව මඟින් වස්තුවට යොදන බලයයි (fs).
එනම් යම් වස්තුවක් පොළව මත තබා ඇඳගෙන යන විට පොළව මඟින් ඊට විරැද්ධව යම් කිසි බලයක් ක්‍රියා කරන බව පෙනේ.
 
පොළව මඟින් වස්තුවකට ප්‍රථි විරැද්ධව යෙදෙන එම බාධක බලය ඝර්ෂණ බලය නමින් වේ.


අද, මිනිසුන් විසින් ඝර්ෂණ බලය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා ඇත.

නමුත් යම් යම් අවස්ථා වලදී ඝර්ෂණ බලය අපට වාසි වන අවස්ථා සහ අවාසි වන අවස්ථාද ඇත.

මේ විවිධ අවස්ථා වලට අනුකූලව මිනිසුන් විසින් මෙම ඝර්ෂණ බලය අඩු හා වැඩිකරහෙන එම ක්‍රියාවන් සිදුකරයි.

ඝර්ණ බලය අඩු කරන ක්‍රම.

1). යන්ත්‍ර කොටස් අතරට ස්නේහක යෙදීම (තෙල්, ග්‍රීස්).

2). වස්තූන් ස්පර්ශ වන පෘෂ්ඨයන් සුමට කිරීම.

3). වාහන වැනි යන්ත්‍ර වල රෝද සවිකරන ස්ථාන වලට බෙයාරින් භාවිතා කිරීම.

ඝර්ණ බලය වැඩි කරන ක්‍රම.

1). වාහන වලට යොදන රෝද වල ඇති ටයර් වල කට්ටා කපා පෘෂ්ඨ රළු කර ඇත.
  

2). ක්‍රීඩකයින් භාවිතා කරන සපත්තු වල අඩියේ යකඩ උල් වැනි දේ සවිකර ඝර්ෂණ බලය වැඩි කරගෙන ඇත.

3). වාහන වල ඇති සුක්කානම අතින් ලිස්සා නොයන පරිදි රළු කවරයක් වැනි යමක් දමා ආවරනය කර ඝර්ෂණ බලය වැඩිකරගෙන ඇත.