සමස්‌ථානික
 
  • යම් කිසි මූල ද්‍රව්‍යක ඇති පරමාණු වල ප්‍රෝටෝන ගණන සමාන වුවත් ඒවායෙහි නියුට්‍රෝන ගණන් වෙනස්‌ විය හැක. එම පරමාණු සමස්‌ථානික නම් වේ.
  • උදාහරණයක්‌ ලෙස පහත දක්‌වා ඇත්තේ ක්‌ලෝරීන් මූල ද්‍රව්‍යයයි.
 මෙහි සාපේක්‌ෂ පරමාණුක ස්‌කන්ධය = 35.5 වේ.නමුත් මෙහි ස්‌කන්ධ ක්‍රමාංක දෙකක්‌ ඇත.
  • පරමාණුවක න්‍යෂ්ටිය තුළ ඇති නියුට්‍රෝන සංඛ්‍යාව පරමාණුවේ රසායනික විපර්යාසයක්‌ ඇති කිරීමට බල නොපායි. රසායනික විපර්යාසයක්‌ ඇති වන්නේ ඉලෙක්‌ට්‍රෝන මගිනි. ක්‌ලෝරීන් පරමාණුවේ රසායන්ක විපර්යාසයක්‌ නැත්තේ ඒ නිසාය.

  • ක්‌ලෝරීන් ස්‌වාභාවිකව ඇති විට, 3:1 අනුපාතයක්‌ දරන සමස්‌ථානික දෙකක්‌ ඇත. එය පහත පරිදි වේ.

  • සමස්‌ථානික ලෙස හැඳින්වෙන්නේ එකම පරමාණුක ක්‍රමාංක
    හා විවිධ ස්‌කන්ධ ක්‍රමාංක ඇති මූල ද්‍රව්‍ය වලටය.
  • පහත වගුවේ දැක්‌වෙන්නේ හයිඩ්‍රජන්හි සමස්‌ථානිකයි.
හයිඩ්‍රජන් - 1   හයිඩ්‍රජන් - 2
  (ඩියුටීරියම්)
හයිඩ්‍රජන් - 3
(ට්‍රිතියම්)
සංකේතය


ප්‍රෝටෝන 1 1 1
ඉලෙක්‌ට්‍රෝන 1 1 1
නියුට්‍රෝන 0 1 2
පරමාණුක ක්‍රමාංකය 1 1 1
ස්‌කන්ධ ක්‍රමාංකය 1 2 3
  • සමස්‌ථානික වල භෞතික ගුණ වෙනස්‌ වන නමුත් ඒවායෙහි රසායනික ගුණ සමාන වේ.
  • හයිඩ්‍රජන් වලට වඩා ඩියුටීරියම් බරින් වැඩිය. 
(c) Shilpa Sayura Foundation 2006-2017