වාක්‍යයක ප්‍රසාද, මදුර්ය හා ඕජෝ නම් ගුණයන්
 

හොඳ වාක්‍යයක ප්‍රසාද, මදුර්ය හා ඕජෝ නම් ගුණ තෙවර්ගයකි.

ප්‍රසාද ගුණය:
අර්ථවත් හෙවත් කියවන්නා ප්‍රසාදයට පත් වන රවන ගුණයයි.
රචකයාගේ භාෂා පරිචය හා වචන කෝෂය සරුසාර විය යුතුය. සප්‍රාණික වචන නිවැරදිව තෝරා බේරා නිසි තන්හි ගලපා යෙදීම වාක්‍ය රසය වැඩි කරයි.
වාක්‍යයක ලිහිල් බවත් අර්ථාන්විත බවත් සිත්ගන්නා සුළු බවත් ප්‍රසාද ගුණය හෙවත් පහන් බවයි.

ගුත්තිල කවියාගේ ප්‍රසාද ගුණය පෙන්වන පහත කවිය විමසා බලන්න.

මූසිල මෙපුර තට
නුවරක්‌ නොවෙයි ඉඳිනට
ඉන් තෝ මෙහි නොසිට
යව යි නෙරපුය තම පුරයට

මාධුර්ය ගුණය :
මනා පද සංයුතිය හා අනුප්‍රාසය මාධුර්ය ගුණය යි.  එය ගීතමය ලක්‍ෂණයක්‌ ලෙසද හැඳින්විය හැක.

ඉර පායා ඉර මුදුනට එන්ට එපා
සඳ පායා සඳ මුදුනට එන්ට එපා
තරු පායා තරු මුදුනට එන්ට එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා.


හිඳ ගත් තෙමි මම පුටු වක සොඳි නා
ඇඳ ගත්තෙමි සළු පිළි ආභර ණා
වැඳ ගත් තෙමි නා රායන සර ණා
වැද ගත් තෙමී ලී කෙලියට පොර ණා


අමා කඳක්‌ වැනි කෙනක, කප්රුකක්‌ වැනි කෙනක, සිතුමිණි රුවනක්‌ වැනි කෙනක, ගනරන් පිඬක්‌ වැනි කෙනක, සුපිපි පියුමක්‌ වන් මුව පියුමක්‌ කෙනක, විදුලිය වන් කන්වැල් සඟලක්‌ ඇති කෙනක, ...., ඔහු හිරුට වඩිති, සඳුට වඩිති, දෙවියන්ට වඩිති, බඹුන්ට වඩිති, අනන්තජිනයෝ යැයි කියති.
(සද්ධර්මාලංකාරය)

කය නම් අසාරය - බව නම් භයංකාරය (බුදුගුණාලංකාරය)

සම්භාව්‍ය ග්‍රන්ථ පමණක්‌ නොව සිංහල ජන කවි, ජන ගී, ශාන්ති කර්ම, ගැමි නාටක ආදිය ද මාධුර්ය රසගන්වා ඇති අයුරු කුවේනි අස්‌න, ශ්‍රී නාමය, සොකරි, වන්නම් හා ජන ගී  වලින් පෙනේ. යකුන් හා දෙවියන් කෙරේ යැදෙන යැදුම්ද ශබ්ද රස ගන්වා හැටි අපූරුය.


ග්‍රාම්‍ය උප භාෂා වදන් හා කඨෝර සකු වදන් යෙදීමෙන්ද, අසිංහල කටවහරේ වදන් යෙදීමෙන්ද විසම පද ගැලපීමෙන්ද ප්‍රසාද මාධුර්යදී ගුණයන්ට හාණි පැමිණේ.

ඌ, මූ , මේකා, ගන්ට, කන්ට, මොකෝ, බොලන්, බොලව්, නොදකින්, අඩෝ, මචං වැනි කට වහරේ එන උප වදන් නවකතා, කෙටිකතා, තාත්වික නාට්‍ය වලට යෙදුනත් රචනා හා ප්‍රබන්ධකරණයේදී යෝග්‍ය නොවේ.

 

ඕජෝ ගුණය:


ප්‍රකාශනයක සමාස පද සහිත නම්, වාක්‍යන් ලාලිත්‍යයෙන් යුක්‌ත නම්, ගමීබීර අර්ථ යෙදුම් ඇත් නම් එය ඕජෝ ගුණයෙන් උසස්‌ බව වියත් මතයයි.

"ඉඳුනිල් මිණි කැල්මෙන් උදුලන දිගු පුලුල්
නෙත්ම නිල් මහනෙල් ඇති, මෙළෙක්‌ අත්ම
පොකුරු දැළි ඇති, ලලන සුනිල්
කියඹු වැල වරලම බිඟු පෙළ ඇති, ඉඟිල්
වසන් රසන් වළම හුන් මිදෙල් කුසුම්
රිණි ඇති...."

ධර්ම ප්‍රදීපිකාවේ ගුරුළුගෝමීන් විසින් ඇති කරණ රසය, ප්‍රකාශනයක ඕජෝ ගුණයට හොඳම උදාහරණයකි.

වාගාඩම්බරයට හා රචනා උදාරත්වයට මාතෘ භාෂා ගත තත්සම වචන  ප්‍රයෝජනවත් වේ.

ප්‍රස්‌තූතයට අවස්‌ථාවට හා ස්‌ථානයට ද උචිත වන ලෙස හර බර වචන ගලපා ගත යුතුය.


"ශ්‍රී ලංකාද්වීපයේ සකල මහී මණ්‌ඩල
මණ්‌ඩනායමාන වූ මහා නාග වනෝද්‍යාන
යයි මෙනමින් ප්‍රසිද්ධ වූ භූමියෙහි
වැඩ හිඳ යක්‍ෂ ප්‍රලය කළා වූ ..."

(c) Shilpa Sayura Foundation 2006-2017