- පරමාණු අතර බරින් අඩුම පරමාණුව හයිඩ්‍රජන් පරමාණුවයි.මෙහි එක් ප්‍රෝටෝනයකුත් එක් ඉලෙක්‌ට්‍රෝනයකුත් ඇත.නමුත් සාපේක්‌ෂ පරමාණුක ස්‌කන්ධය ලෙස හැඳින්වෙන්නේ මෙම හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්‌ෂව අනෙක් පරමාණු වල ස්‌කන්ධයයි.
- හයිඩ්‍රජන්හි සාපේක්‌ෂ පරමාණුක ස්‌කන්ධය = 1
රසදිය වල සාපේක්‌ෂ පරමාණුක ස්‌කන්ධය = 200
එනම් රසදිය පරමාණුවේ බර හයිඩ්‍රජන් පරමාණුවේ බර මෙන් 200 ගුණයකි. - මේ වන විට හයිඩ්‍රජන් පරමාණුව වෙනුවට කාබන් -12 පරමාණුව සමග සැසඳීමෙන් සාපේක්‌ෂ පරමාණුක ස්‌කන්ධය සොයයි.
- Ar ලෙස සංකේතවත් වන්නේ සාපේක්‌ෂ පරමාණුක ස්‌කන්ධයයි.
- සමහරක් මූල ද්‍රව්‍ය වල සාපේක්‌ෂ පරමාණුක ස්‌කන්ධය පහත දැක්‌වේ.
මූලද්‍රව්‍ය | Ar | මූලද්‍රව්‍ය | Ar | මූලද්‍රව්‍ය | Ar | මූලද්‍රව්‍ය | Ar |
Al | 27 | Cl | 35.5 | Hg | 200 | N | 14 |
Ba | 137 | Cu | 63.5 | Na | 23 | O | 16 |
Br | 80 | H | 1 | Mg | 24 | P | 31 |
Ca | 40 | Fe | 56 | S | 65 | Zn | 65 |