- මූල ද්රේව්ය යක සංඝටක, රසායනික විපර්යාසයන් වැනි දේ පහසුවෙනුත් කෙටියෙනුත් හැඳින්වීමට සංකේත යොදා ගනී.
- SULPHUR යැයි හැඳින්වෙන්නේ ගෙන්දගම්ය. එනිසා ගෙන්දගම් වල සංකේතය ලෙස S යොදා ගනී. මින් සංකේතවත් වන්නේ ගෙන්දගම් පරමාණුවයි.
- සමහර මූලද්‍රව්‍යවල සංකේතයට අකුරු දෙකකි. උදාහරණයක් ලෙස සිලිකන් (Silicon) සැලකිය හැක. මෙය Si ලෙස සංකේතවත් වේ. මෙහිදී පළමු අකුර කැපිටල් ලෙසත් දෙවන අකුරු සිම්පල් ලෙසත් ලිවිය යුතුය.
- තවත් අවස්‌ථා වලදී මූලද්‍රව්‍යවල නම් ලතින් භාෂාවෙන් ලියවේ. උදාහරණයක් ලෙස රිදී වල ලතින් නම Argentum නිසා Ag එය ලෙස සංකේතවත් වේ.
- ඊයම් වල ලතින් නම Plumbum නිසා එය Pb ලෙස නම් කෙරේ.