තුන්සරණය 13
 


 

ලක්‌දිව නිසි කුලයක උපදින්ටයි
ලක්‌ කෙළ ගණනේ සක්‌රජ වෙන්ටයි
ලක්‌සන ඇති දූ පුතුන් ලබන්ටයි
බක්‌කුල තෙර මෙන් නිරෝගි වන්ටයි

කලකත් අඩුකුල ඉපිද නොගන්ටයි
බලවත් රුපු සෙන් බිඳ ජය ගන්ටයි
මෙලොවත් පරලොව පූජිත වෙන්ටයි
අනුරුත් තෙර මෙන් දිවස්‌ ලබන්ටයි

සොර වන්චාවන් සිත නොතබන්ටයි
රා කන්සා බින් තුඩ නොතබන්ටයි
බව සන්සාරෙන් එතෙරව යන්ටයි
මුගලන් තෙර මෙන් එර්දි ලබන්ටයි

අහසෙන් යාමට එර්දි ලබන්ටයි
පොළොවෙන් යන එන සෙනඟ ලබන්ටයි
මතු සංසාරෙන් එතෙරව යන්ටයි
නුවනත් ආයුත් මට බෝවන්ටයි

තුන් ගව්වක්‌ උස විමන් ලබන්ටයි
තුන් ගව්වක්‌ ඇති විදි ලබන්ටයි
තුන් කෙළ ගණනක්‌ සෙනඟ ලබන්ටයි
තුන් යම තුන්සරණේ අරගන්ටයි

මන් සැම පින් පුරවා අරගන්ටයි
උන් සැම කී බණ කන්දී අසන්ටයි
නිමවන සක්‌වල වට ඇවිදින්ටයි
පෙර යම බුද්ධන් සරණේ ගන්ටයි

වැද්ද නොදී පස්‌ පව් දුර ලන්ටයි
සුද්ද මවුගෙ කුස පිළිසිඳ ගන්ටයි
යුද්ද කරන මරුවා නොදකින්ටයි
මද්දිම දම්මන් සරණේ ගන්ටයි

සියළුම ලොව්සත දුකින් මිදෙන්ටයි
එලෙසම මා කළ පින් ලැබ ගන්ටයි
නිවනම මා හට අත්පත් වන්ටයි
අලුයම සංඝන් සරණේ ගන්ටයි

ලක්‌ස ගණන් නව ගුණ පුරවන්ටයි
එක්‌සනයෙන් දිව සළු ලැබ ගන්ටයි
දක්‌ස කමින් මරුවා නෙදකින්ටයි
තීක්‌සනයෙන් තුන් සරණේ ගන්ටයි

ගතේ රෝග කිසි කලක නොවන්ටයි
සිතේ ක්‍රෝධ කිසි කලක නොවන්ටයි
රතේ ගොසින් තුසිතේ උපදින්ටයි
මෙතේ මුනිදු දැක නිවන් දකින්ටයි

(c) Shilpa Sayura Foundation 2006-2017