තුන්සරණය 12
 


 

පිංපල මට අත්වෙන්ටයි
පව් පල මගෙ දුරලන්ටයි
සංවල මතු නොදකින්ටයි
රංපල මුණි දැකගන්ටයි

බන්දුල මෙන් කය මහලු නොවන්ටයි
නන් දිය මෙන් කප් රුක ලැබ ගන්ටයි
ඉන් දී බස මගෙ ලොව පවතින්ටයි
පින් වත් මෙන් මුණි නිතර වඳින්ටයි

ජාති යසැති මතු කය ලැබ ගන්ටයි
පීති වඩන මිණි මුතු ලැබ ගන්ටයි
ජාති සහෝදර කුල බෝවන්ටයි
ජෝතිය සිටු කුලයක උපදින්ටයි

පන්ව පාපේ සිතේ දුරුකොට පන්චසීලේ රකින්ටයි
සන්ග දීපේ දෙසති අකකුත් උපන් ජාතිය නොවන්ටයි
ඉන්දු දීපෙ මැණික ඇතුලේ ගුවන් සක්‌මන් කරන්ටයි
පංචසීලේ කඩ නොකොට සව්සිරි ඉඳ බණ අසන්ටයි

රුවත් කුලත් ගුණ නැණ ඇති වන්ටයි
යසස්‌ තෙදැත් පිරිවර බෝ වන්ටයි
තමුන් බමුන් කෙත්වත් ලැබ ගන්ටයි
මහත් සැපත් විඳ නිවන් දකින්ටයි

සතුරන් දූවිලි මෙන් නොතකන්ටයි
මිතුරන් සමගිව පෑසී ඉන්ටයි
අතුරන් නට බිමකුත් නාරින්ටයි
නිති රන් වන් මුතු මැණික්‌ ලබන්ටයි

බෝතලි පා බත් නිතර පුදන්ටයි
ඒතලි රන් වැට පහන් ලබන්ටයි
මා වැලි ගංගා දියසෙ ලබන්ටයි
සීවලි තෙර මෙන් මතු උපදින්ටයි

සතර අපා දුක්‌ ලන් නොම වන්ටයි
සතර පසෙන් මුනිඳුට දන් දෙන්ටයි
සතර දහම් මගෙ සිතේ දරන්ටයි
සතර මහත් දීපේ රජ වෙන්ටයි

දැසි දස්‌ ගම් බිම් පටුනු ලබන්ටයි
දොස්‌ කර දුදනන් ලන් නොව වන්ටයි
රැස්‌ කර මිණි මුතු යදිහට දෙන්ටයි
වෙස්‌සන්තර රජු මෙන් උපදින්ටයි

පරසිත් දන්නා නුවන ලබන්ටයි
ගොර දුක්‌ සංසාරෙන් ගොඩ යන්ටයි
වරදක්‌ කිසි කෙනෙකුට නොකරන්ටයි
සැරියුත් තෙර මෙන් ඤානෙ ලබන්ටයි

(c) Shilpa Sayura Foundation 2006-2017