තුන්සරණය 11
 


 

නෙත් රිසි කරවන ලෙස දුන් දානය
ගත් ගත් සේ අඩු නොවන නිදානය
ගත් පින් අනසක ලොවට නිදානය
අත්වේවා මට සතර නිදානය

පව් දුර හැරලා පිං පල දෙන්ටයි
දෙව්ලොව යසසිරි සැප විඳ ගන්ටයි
මව් පිය දෙව් කුලයක උපදින්ටයි
සව්සිරි දෙන තොසිතේ උපදින්ටයි

දෙසැටක්‌ මිසදුටු කුලය නොවන්ටයි
යහපත් බුදුගුණ දැන උපදින්ටයි
මෙලොවත් පරලොව දෙක ජයගන්ටයි
යහපත් වු සොඳ නිවන් දකින්ටයි

වේලා බෝසත් මෙන් දන් දෙන්ටයි
දෝලා ඇත් අස්‌ සෙනඟ ලබන්ටයි
සිලාවාරව පිංකර ගන්ටයි
ලීලා තුනු රූපේ බබලන්ටයි

දැම්මා රුපුසෙන් බිඳ ජය ගන්ටයි
දම්මා දස අකුසල් දුර ලන්ටයි
නිම්මා තුන් පිටකය දැන ගන්ටයි
දම්මාශෝක රජමෙන් උපදින්ටයි

මිගසන් වරුසා ලන් නොම වන්ටයි
බව සන්සාරෙන් එතරව යන්ටයි
පවසන් මුණි බණ සිතේ දරන්ටයි
කෙලෙසුන් මුල් සිඳ නිවන් දකින්ටයි

දෙතිසක්‌ අනතුරු මෙමට නොවන්ටයි
අනුවක්‌ අට රෝගත් නොම වන්ටයි
දහසක්‌ මුණි බණ සිතේ දරන්ටයි
කෙලසුන් සිඳ නිවන් දකින්ටයි

ඉඳුරුව මෙන් මුණි දකිමින්
මියුරු බොජුන් වලඳවමින්
සොඳුරු පිනට පළමු වෙමින්
නුදුරුව ඉඳ බණ අසමින්

දුකපත් නොව සෙත වේවා
සැකසිත් බිය නැති වේවා
රැකගත් සිල් රුති වේවා
මුකයත් සුවඳැති වේවා

සිතුවා මට සෑදෙන්ටයි
පැතුවා මට පලදෙන්ටයි
කළ දන් පින් මතුවන්ටයි
කළ පස්‌ පව් දුරලන්ටයි

(c) Shilpa Sayura Foundation 2006-2017