හෙවත් යෙදුම එකම වස්තු රූපයක්ද,
නොහොත් යෙදුම වස්තු රූප දෙකක් බවද හඟවයි.
මරුසිරා නොහොත් සිරිපාල යන්නෙහි වියරණ වැරදි ය.
ඒ මක් නිසාද යත් මරුසිරා ද සිරිපාල ද එක් අයකු බැවිණි.
එය මරුසිරා හෙවත් සිරිපාල යනුවෙන් නිවැරදි විය යුතුය.
සහසැස් හෙවත් සක්රජ මනුලොව බැලී. (එක් අයකු)
පියා නොහොත් මව අපට බණියි. (දෙදෙනකු)
අක්කා නොහොත් අයියා ගමට එයි. (දෙදෙනාගෙන් එක් අයකු එයි, දෙදෙනාම නොඑයි)
ඒ අහසම දෙන වෙනත් ආකාරයක්
පියා නැතිනම් මව අපට බණියි.
අක්කා නැතිනම් අයියා ගමට එයි.