මිතුරු වෙමින් සතහට පවතින්ටයි
වතුරුදාන යදිනට දන් දෙන්ටයි
කතරගමේ දෙවියෝ පින් ගන්ටයි
ඇන්දෙමි පෙති පිළිම සැමදා පචතින්ට
දන්දෙමි තුසිත භවනේ ගොස් උපදින්ට
වැන්දෙමි මුනිතුමන් සසරෙන් ගොඩ ගන්ට
පින්දෙමි සැම සිතින් මේ බණ ඇසුවන්ට
තදේ වතුර මෙන් වස්තු ලැබේවා
හඳේ වළා මෙන් පව් දුරුවේවා
විදේ සසර දුක් මට නොම වේවා
කළේ ලෙඩක් මා හට නොගනීවා
නිතර දහම් මුනි ගුණම කියන්ටයි
විතර උසට පෙති පිළිම කරන්ටයි
අතරමගක උවදුරක් නොවෙන්ටයි
සතරවරම් දෙවියෝ පින් ගන්ටයි
තෙබලුන් තුන්ඩය යස බබලන්ටයි
දනකැන් කෙරෙමින් කුළුනු ලබන්ටයි
මනමෙන් අටසිල් පන්සිල් ගන්ටයි
මුගලන් තෙර මෙන් එර්දි ලබන්ටයි
සත්තේ බස මිස බොරු නොකියන්ටයි
මත්තේ වැඩහිඳ අවැඩ නොවන්ටයි
සත්තේ තරමින් පින් කර ගන්ටයි
මෙත්තේ මුනිදුන් වැඳ පින් ගන්ටයි
බණ සහ තෙරුවන් කර ලොබ වන්ටයි
වන සහ සව්සත සිත ලොබ වන්ටයි
වන සහ කෙනෙකුන් හැම නොදකින්ටයි
ගුණ සහ බෝසත් මෙන් උපදින්ටයි
විදිරිසනා බෝ මැඩ ලැබ ගන්ටයි
තදිරිය වු වීරිය ලැබ ගන්ටයි
ඉදිරියෙ මා කී බස් තෙපලන්ටයි
සුදිරිසනා රජු මෙන් උපදින්ටයි
මහ රජ පිළිවෙල කුල උපදින්ටයි
මහ දඹදිව මතු අග රජ වෙන්ටයි
මහ දින යදිනට නිති දන් දෙන්ටයි
මග ඔසු පඬි මෙන් මතු උපදින්ටයි
බන්දා දාගැබ් ගොනටු කරන්ටයි
බන්දා රුපුසෙන් බිද ජය ගන්ටයි
අන්දා පෙති පිළිමත් කරවන්ටයි
මන්දාතු රජු මෙන් උපදින්ටයි