පෙර ඇද්දා පළමු ඇසුවා මෙවැනි ගුණ
දුර විද්දා සේ කළ කම් ගෙවී යන
සිත ලුද්දා පමණ කල් දෙයක මුනි ගුණ
නොවරද්දා ගනිමි තුන් සරනේ ඇඳින
ඉර සඳ නොදැක ඉඳගෙන දෙසන මුනි ගුණ
සඳමැද ඇන්ද සාවා සේම පවතින
ගිරිමැද උදය පායන රිවි මඬල මෙන
වැඳ වැඳ තුන්සරණ ගත්තොත් හොඳය දැන
උත්තම දෙයකි ඇසුවෝතින් බුදු දහම
අත්තම නොදී පෙර කළකම් නොතබාම
ඇත්තම වෙයි ඉදිරි කුසලෙන් සැප වීම
නින්තම තුන්සරණ ගඤ්ඤයි සැමදාම
මින්මතු ඉදිරි කිසි උවදුරකුත් නොවමි
ගන් වතු හා ඇත් අස් පිරිවර ලබමි
පින් මතුකර පස් පව් හැර දුරු කරමි
තුන් සිත පැහැද ගත් තුන් සරණේ උතම්
පින් පල දිදී එන කවි බණ පද කරමි
සන්වල දුකක් නොව උවදුරු කරමි
වෙන්කර හැම පෙර කළ අකුසල් ගෙවමි
ඉන් පල විඳින මම තුන් සරණේ ගනිමි
බොවෙන දහම් මුනි ගුණ පදකර කියමි
සෑහෙන කුසල් කර යදිනට දන් දෙවමි
ආසන පනවමින් මුනිඳුට මල් පුදමි
මේ පන තිබෙන කල් තුන් සරණේ ගනිමිබණත් දහම් මුණි ගුණ සිහි වේවා
ගුණත් මගේ මුළු ලොව පැතිරේවා
ගෙනත් දැකුම් බඩු මට අය වේවා
දෙනෙත් දෙකට කිසි දුකක් නොවේවා
තෙද බල අනසක ලොව පැතිරේවා
යුද කළ රුපුසෙන් මට ජයවේවා
ලද කෙලි කොලු දැසි දස් වැඩිවේවා
ඇඳ ඇතිරිලි උඩුවියන් ලැබේවා
ඇත් අස් පිරිවර සෙනඟ ලැබේවා
කෙත්වත් බොල් රොඩු නැතිව පැසේවා
ගත් තත් සේ අඩු නොවී තිබේවා
දුප්පත්කම් කිසි කලෙක නොවේවා
රෝග ආදි කිසි දුක් නොවන්ටයි
වේගවෙමින් බස් තුට පවතින්ටයි
බෝග ඉසපු තැන බිජු වැඩි වෙන්ටයි
නාග ලොවේ නා රජු පින් ගන්ටයි
![](/sayura/images/logo2.png)