තුන්සරණය 8
 


 

සුද්ද මුනිඳු බුදුවන පුර වරුනේ
වැද්ද නොදෙයි දස අකුසල් එදිනේ
බැද්ද කුසුම් බිඟු දෙන නද ලෙසිනේ
ඇද්ද මෙහෙම ඇසුවා තුන් සරනේ

ගුරුකොට නැකැත් මුනිබණ පදකර කියමි
බොරුවට අකක්‌ බස්‌තුඩ නොවසා දොඩමි
පරුවත තුනක්‌ පිට සිරිපා දැක වඳිමි
පිරුවට කඩක්‌ ඇඳ තුන් සරනේ ගනිමි

නොවිමන් ඉදිරි කිසි දුක්‌ හැමදාම
ඒවි දැන් මතුව මූදේ රැළ සේම
බැම්මේ උනත් මේ දිවි යනවා නියම
පේවී තුන් සරණ ගඤ්ඤයි සැමදාම

අඹ දඹ දිවුල් සපු නා මල් වතුසුද්ද
රඹ පල කඳලි මොර උක්‌ රස සේ ඇද්ද
බඹ තද උසට තිබුවත් පව් මුලු වද්ද
ලොබකර තුන්සරණ ගඤ්ඤයි නොවරද්ද

ඉතා පැමිණි දුක්‌ නොමවේය එමවිට
ගොතා කියමි මුතු ඇමිනුවා ලෙසට
සිතා ගතිමි ගේ දොර නම් කෙළි කවට
පතා ගතිමි තුන්සරනේ තුන් යමට

පින් වරුනේ පවසත් මුණිඳුගෙ වරුණ
බින් අරනේ උරග මුවලිඳිගේ දරණ
උන් සෙවනේ වැඩ උන් බෝමුල එතණ
තුන් සරණේ බණට වැඩියෙන් ඇද්ද වෙණ

රන්දම ලෙසින් මුනි ගුණ පදකර කීම
පන්දම උඩින් යන පුන්සඳ සේ දිලුම
මින් සැම සතුන් හට ඔරුවකි ගොඩලීම
තුන්යම තුන්සරණ ගත්තයි සැමදාම

පිළියම වේ අසව් සතහට මුණිඳු ගුණ
මැලිනොව අසවි වියතුනි ඉදිරි වැඩ ගැණ
දැලිවෙද කරපු අකුසල් ඉදිරි අවගුණ
අලුයම තුන්සරණ ගඤ්ඤයි දිනෙන් දින

බණ පොත් ලියා මුනි බණ පදකර කියමි
වෙණ සිත් නොව උදය මුණිඳුට මල් පුදමි
දැනගත් පසු ඉදිරි පවකට මැදි නොවෙමි
පණමෙන් මුනිඳු වැඳ තුන් සරණේ ගණිමි

පෙරුමකර කියමි මුණි ගුණ පද බඳිම්
බොරු නොව ඉදිරිසිරි සැපතෙහි යෙදුවෙම්
කරුම කළ අයට ඕනෑ බණ දහම්
දරුම නීතයට තුන් සරණේ උතුම්

(c) Shilpa Sayura Foundation 2006-2017