තුන්සරණය 7
 


 

පුන්සඳ මෙන් වැඩ ඉඳින මුනින්දා
වෙන් කරවා දස බිම්බර බින්දා
උන් සඳ මරඟන විලිව ගියෙන්දා
තුන් සරනේ බණ සේම කොයින්දා

දැන සැක නොව වැඩ උන් බව ඇඳිනේ
සැනයකදී මානෙල් මල් රැගෙනේ
ගුන දන වද මිහි කත පැන නැගුනේ
අණ සක ඇති බණ වද තුන් සරනේ

පහරක්‌ උවදුරු දුරු වෙයි එදිනේ
මෙසසර ගෙවනා සැට සත නොදැනේ
විසිතුරු පිරිලා මිණි මුතු තොරනේ
මහමෙර ටත් වැඩි වද තුන් සරනේ

ලොව්තුරු අපේ මුනි බුදුවෙන එදිනේ
දෙව්ලොව යනතුරු බුදුරැස්‌ වරුනේ
සව්සත සසරින් ගොඩ ලන ලෙසිනේ
අවි සඳයකි සතහට තුන් සරනේ

දස අට රියනෙකි උස බුදු රුවනේ
කුස තණ අට මිටලා විදු රස්‌නේ
වසවත් පැරදී ගිය අත නොදැනේ
දස යන රත්රන් වැනි තුන් සරනේ

බුද්දන් සරණ සිරසේ පිහිටුවා ගනින්
ධම්මන් සරණ ගත සියොලඟ දරා සිටින්
සංගන් සරණ තුන්යම සිහිකරමි සිතින්
මන්දැන් නිබඳ තුන් සරනේ අදහ ගනින්

පැතුම් බලේ පවතිනවා ඉස්‌සරට
සතුන් සසර සයුරෙන් පීනා ගොඩට
උතුම් මෙකීවා සිදුවෙයි මොක්‌ පුරට
මෙතුන් සරණ සිහිවේවා තුන් යමට

පෙම්බැඳ සිතින් කුසලට දුන් එසැම දෙයින්
මින්හැම දෙයින් නොකළොත් අකුසලේ පදන්
පන්ගම් වෙයි ඉදිරි මරුවා එක්‌ක සටන්
තුන්යම තුන් සරණ ගත් අය දකිති නිවන්

මව් පිය රැකි පින් ඇසුවොත් සතුනේ
ගව් උස උඳු මුං ගොඩකළ පමනේ
කිව්වත් බැරි ලත් තිබු එක එකිනේ
පව් අත්හැර ගත්තෙමි තුන් සරනේ

සිතින් සිතාගෙන බුද්දන් සරනේ
ගතින් දෙවනුවම දම්මන් සරනේ
පැතුම් පතමි මම සන්ගන් සරනේ
උතුම් කරම කීවෙමි තුන් සරනේ

(c) Shilpa Sayura Foundation 2006-2017