ශාන්ති කර්ම අවස්‌තවන් හී දෙවිවරු පිදීම සිදුකරයි. විශ්ණු, පත්තිනි, නාථ කතරගම යන සතරමහා දෙවිවරු ඇතුලු සියලු දෙවිදේවතාවුන් වහන්සේලා ට, ශාන්ති කර්ම භූමියේ තනවා ඇති මල් යහනට වඩින ලෙස ආරධනා කරන කවි විශේෂයකි මල් යහන් කවි. මේවා මල් අස්‌නේ කවි ලෙසද හැදින්වේ.
මේ මල් යහන් කවි තුල අන්තර්ගතව ඇත්තේ දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, බලපරාක්‍රමය, ගුණ මහිමයන් ආදියයි. ඉතා බෑගෑපත් අන්දමින් මෙම කවි ගායනා කරන්නේ දෙවිවරුනට මල් යහන කරා වඩින ලෙසය.
මේ මල් යහන් කවි තුල අන්තර්ගතව ඇත්තේ දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, බලපරාක්‍රමය, ගුණ මහිමයන් ආදියයි. ඉතා බෑගෑපත් අන්දමින් මෙම කවි ගායනා කරන්නේ දෙවිවරුනට මල් යහන කරා වඩින ලෙසය.
මල් යහන් කවි කිහිපයක්
තාලරූපය : මැදුම් තනිතිත | ලය : මධ්‍ය ලය | විශ්ණු දෙවියන් වෙනුවෙන්
විෂ්ණු නම් දෙවිඳුට
ආරාධනා කළවිට
දෝස දුර ලන්නට
වඩින් දෙවියනි මෙමල් අස්‌නට
තාල රූපය : මහ තනිතිත | ලය : මධ්‍ය ලය | විශ්ණු දෙවියන් වෙනුවෙන්
බෝසිරි පන්දහස ගෙවා දස බෝධියකට මතු බුදු වෙනවා
වාගිරි වෛකුණ්‌ඩ සදිසි වාසල බැඳි නිල් තිරේ අරිනවා
ඒ කිරි මුහුදේ රළපිට මේ ලක්‌දිව බැස එළිය කරනවා
ආසිරි පස්‌වා දහසට කරුණා කර ශ්‍රී විශ්ණු වඩිනවා

තාල රූපය : මැදුම් තනිතිත | ලය : මධ්‍ය ලය | නාථ දෙවියන් වෙනුවෙන්
රනේ කිරුළ තුන් ගවු දිග සළුව අඳිනවා
පෙනේ විදුලි සැර මල් දම කරේ දිලෙනවා
ගෙනේ දකුණු හස්‌ත එරන් කලස දරනවා
අනේ නාථ දෙවියනි මල් අස්‌න වඩිනවා