තුන්සරණය 5
 


 

සන්ගා නොතබමි මුණි ගුණ වරුනේ
නන්ගා කුඹ පිට බැඳි දද ගුවනේ
පන්ගා ඩම්කර මිණිවලු ලෙසිනේ
ගන්ගා වට මුල වෙනි තුන් සරනේ

පෑ පත ලුවත් ගෙණ තෙල් අඳුනේ
බෝ සෙත වෙයි ඇසුවොත් ගුණ වරුනේ
බා පොත අල්වා සිට වැඩි ගමනේ
සේසත වෙනි සතහට තුන් සරනේ

කාල වන්ඩපුර ගිය මව් ලඳුනේ
කෝල කරපු කනවැද්දුම් බසිනේ
ආල අරිටු ජන පියඹුව එතනේ
වාල දොරටු සතරකි තුන් සරනේ

ලොබසින් කර සම්බානට නැගුනේ
ගඟපත් වී නැව සමුදුරු ගිලුනේ
සතියක්‌ පිනා වද ගොඩ නැගුනේ
ජයගත් තුන් සරනේ වද සතුනේ

වාද නොකර …දුන් සිල්පය සොදිනේ
වාද කරමු කිවි මූසිල එදිනේ
නාද මෙමට බැරි උන් වෙත තදිනේ
සාදු සාදු ගඤ්ඤමු තුන් සරනේ

අවර දිනෙන් දින පැන සලමින්නේ
වෙමින් සරණ පුරුදුව එක යහනේ
දෙමින් එවර වරමක්‌ සොද ලෙසිනේ
පිරිමි බවට දුන්නෙමි තුන් සරනේ

උලක්‌කුවෙන් අබ මැන දුටු ගණනේ
කලක්‌ සෙනඟ කිරි මව් ලද එතනේ
පලක්‌ බැඳම උඩ උන්නයි ගුවනේ
සලක්‌ සයක්‌ වද ගුණ තුන් සරනේ

සානා ඇලි ගොන් රැල යන ගමනේ
ගානා වාලඟ සවරන් ලෙසිනේ
ලෝනා අනසක බුදුවෙන ලකුනේ
දෝනා කිරි සක වෙනි තුන් සරනේ

ඇස්‌ නැති මව් පිය දෙදෙනා රකිනේ
රැස්‌වී මුව රැල පැන් බොති පොකුනේ
මස්‌ ලොබකර විදි සැරයක්‌ වැදුනේ
ඉස්‌සර දෙනවට ගුණ තුන් සරනේ

තලියක්‌ ගෙන රන් මුව පිට ගමනේ
පිලියක්‌ රජහට වද පිලි වැටුනේ
එළියක්‌ විය නෙත් සතරම එදිනේ
මැලියක්‌ නොව ගඤ්ඤමු තුන් සරනේ

(c) Shilpa Sayura Foundation 2006-2017