නැතත් දහම් පද වෙන වෙන රැගෙන්
පොතක් ලියමි මුණි ගුණ පුරවරුනේ
මඳක් කියමි කවි කර තුන් සරනේ
ගල්දොර මෙන් සිත පවකට නොනැමි
මල් තොර නොව ගෙන අළුයම පුදමි
තෙල්කර මත දැන් අර දවසරිමි
මුල්කර තුන් සරනේ බණ කියමි
දවසින් දවසට බණ එක දෙකිනේ
යවහන් පද අග මුල මට නොදැනේ
ඉවසන් වියතුනි වරදක් නොගෙනේ
පවසන් කවිකර බණ තුන් සරනේ
අන්දම ඇති බණ කවිපද සොයමි
රන්දම සේ පද වෙන වෙන සොයමි
පන්දම සේ එලියක් මම දකිමි
තුන් සරණේ ගුණ පදකර කියමි
දෙසියක් සොලසකි සිරිපා ලකුණේ
රසයක් වෙන ඇසුවොත් ගුණ වරණේ
වයසක් පද පව් සතහට අගුණේ
දසයක් ගුණ වද බණ තුන්සරණේ
සුන්කර පෙර පස්‌පව් මුළු වද්දා
ඉන් පල දැන් පද පවසමි එද්දා
පින්කර ගත් සත සසරෙහි යද්දා
තුන් සරණෙට වැඩියෙන් බණ ඇද්දා
ලොවට උතුම් දෙය මුණි ගුණ වරුනේ
පිනට නුදුන්නොත් ලොව සව් සතුනේ
නිවටකමක්‌වද තද දුක් විඳිනේ
බණට උතුම් බණවද තුන්සරණේ
නිරා දොරටු අගුලක් වෙනි මුනි ගුණ
පුරා දහම් පද සතරක් අරගණ
තරාදියක් පිට තබමින් වෙන වෙන
කිරාළුවොත් වැඩි තුන් සරණේගුණ
උස පරුවත පිට සිරිපා සැදුනේ
පසතුරු කර සක්‌නද දෙයි එතනේ
බස බොරු නැත අප කීදේ එතනේ
දස දරුමේටත් වැඩි තුන් සරනේ
කාටත් යහපතකි කීවොත් මුනි බන
රෑටත් අඳුරට ලු පහනක් මෙන
පාටත් කළු රතු මැණිකක් මෙන
ඊටත් වැඩියෙන් සරණේ ගුණ