ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නැටුම් සම්ප්‍රදායන් තුනටම පොදු එක් ශාන්ති කර්මයක් වේ. එනම් බලි යාගය ශාන්ති කර්මයයි. ග්‍රහ දෙවිවරුංගෙන් වෙන අපල උපද්‍රව දුරු කරගැනීම සඳහා පවත්වන මේ බලියාගයේ පුදනු ලබන ප්‍රධාන ග්‍රහ දෙවිවරු දෙදෙනෙකි. ග්‍රහපන්ති කවි ලෙස අප හදුන්වන්නේ එම හිරු හා චන්ද්‍ර දෙවියා වෙනුවෙන් ගායනා කරන කවිය.
හිරු දෙවියන් සඳහා ගයන ග්‍රහපන්ති කවි
තාල රූපය : මහ තනිතිත | ලය : මධ්‍ය ලය
සියවස ගෙන අසු නැගෙමින් නොලසා
සිරිබර ඉඹුලේ තුර රැස නිවෙසා
සිරිබලි කොකුමෙන් ඉඳුරේ නිවෙසා
හිරුදෙවි මෙ ඔබට දෙන් සෙත සලසා
හිරු දෙවියන් සඳහා ගයන ග්‍රහපන්ති කවි
තාල රූපය : මහ තනිතිත | ලය : මධ්‍ය ලය
සියවස ගෙන අසු නැගෙමින් නොලසා
සිරිබර ඉඹුලේ තුර රැස නිවෙසා
සිරිබලි කොකුමෙන් ඉඳුරේ නිවෙසා
හිරුදෙවි මෙ ඔබට දෙන් සෙත සලසා
ඉන්ද්‍ර දිසාවට ඉඹුල් විමානෙට හිරුදෙවි අධිපති වන්නේ
රංසිරි වසගෙන සුරත දරාගෙන තුරඟෙකු පිට වැඩ ඉන්නේ
ඇතියම් රෝදුක් දුරැර දමා නිති චිරත් කලක් සැප දෙන්නේ
ඉන්ද්‍ර දිසාවෙන් ඉරුදෙවි වැඩලා ග්‍රහමෙ දොස දුරලන්නේ
රංසිරි වසගෙන සුරත දරාගෙන තුරඟෙකු පිට වැඩ ඉන්නේ
ඇතියම් රෝදුක් දුරැර දමා නිති චිරත් කලක් සැප දෙන්නේ
ඉන්ද්‍ර දිසාවෙන් ඉරුදෙවි වැඩලා ග්‍රහමෙ දොස දුරලන්නේ
චන්ද්‍ර දෙවියන් සඳහා ගයන ග්‍රහපන්ති කවි
තාල රූපය : මහ තනිතිත | ලය : මධ්‍ය ලය
සුන්ද්‍ර සෝම වල්ලියගේ ගැබ කුස
කුන්ද අරා බඳ වෙළු බඳිමින් තොස
බින්දවමින් රෝ දුක් හරිනා ලෙස
චන්ද්‍ර දෙවිඳු හට වඳිමු නමා හිස
සුන්ද්‍ර සෝම වල්ලියගේ ගැබ කුස
කුන්ද අරා බඳ වෙළු බඳිමින් තොස
බින්දවමින් රෝ දුක් හරිනා ලෙස
චන්ද්‍ර දෙවිඳු හට වඳිමු නමා හිස
තාල රූපය : මැදුම් තනිතිත | ලය : මධ්‍ය ලය
ඇතුට නැගී ඉඹුල් විමන අධිපති වී වයඹ දිසා
අතට ගත්තු බඳ වෙලුමන් රස කිරිබත් බුඳින ලෙසා
සිතට පැමිණි එන උවදුරු තිබුණත් සඳු දින නොලසා
සෙතට ආයූ වඩා ඔබට සඳුදෙවි ආසිරි සලසා
ඇතුට නැගී ඉඹුල් විමන අධිපති වී වයඹ දිසා
අතට ගත්තු බඳ වෙලුමන් රස කිරිබත් බුඳින ලෙසා
සිතට පැමිණි එන උවදුරු තිබුණත් සඳු දින නොලසා
සෙතට ආයූ වඩා ඔබට සඳුදෙවි ආසිරි සලසා