සමූහාර්ථ පද වල ක්‍රියා රූප වෛකල්පිකව බහූ වචනයෙන් හෝ ඒකවචනයෙන් හෝ යෙදුන අවස්ථා සිංහල සම්ප්‍රදායේ ඇත. ගෞරවාරථයෙන් නාම පද යෙදුනු කල ක්‍රියාව බහූ වචන වන බව අප මීට පෙර ඉගන ගතිමු.
බුදු පියාණෝ ලොව බලති.
තවුසාණෝ බවුන් වඩති.
මහත් ගජ සෙන් සිටිති තැන තැන - බුදුගුණාලංකාරය
එ සඟ ගණ මෙලෙසින් පැවසූ - ගුත්තිලය
ගතකුරුද වේ විස්‌සක් - (සිදත් සඟරාව)
දිවී පබසර කැළුම් එකවිට - ගුත්තිලය
බැමිණි ලිය සසොබා එපුත් රුවණක් වැදූ මහඹා - කාව්‍ය සේකරය
අමරාදේවී බෝසතානණ්‌ට මග කියා ලා .... නැගී ගියහ - උමංදාව
මහතෙරහු සක්‌මන් කරති - අමාවතුර
පණ්‌ඩිතයෝ පළමු කී අපරාධයම කියන්නාහ - උමංදාව
නටත් අයෙක් සුරා මතින් - ගුත්තිලය
පෑරකුම් රජුට සරියයි පවසති කවුරු - ගිරා සන්දේශය
යම් කිසිවෙක් පසිඳ පියති. - උමංදාව
උන්වහන්සේ එවවත් වදාල සේක.
මහ බෝසතාණෝ පුරෝහිතව උපන්නාහ - ජාතක පොත
"මුත්තණියෝ කෙසේ තී අත වළලු ලම්දැ"යි කීහ.
ඒ වහන්දෑ වෙහෙරට වැඩිදෑය. - ජාතක පොත
නොදත්තමු ගායනා කෙරෙති යි.- ගුත්තිලය
කතී වෙණ මීයන - ගුත්තිලය
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ - ලෝවැඩ සඟරාව
තොප පිටරට ගියහ යි අප විශ්වාස කළෙමු.
තා වරද කලහ යනු අපගේ අදහසයි
අප පෙරළා නොආහ යි ඔබ කෙසේ කියහිද ?
අප වරදක් කළහ යි විදුහල්පතිතුමා කියයි.
කෙනෙක් සතුන් මරත්ද ඔවහු අපාගත වෙත්.
යමෙක් වතුර සොයා ගියේද ආපසු නො ආවේය.
තොප ගියහොත් අපදු යන්නෙමි.