වලියෙන් පාලි ලෝකුරු
සෑමේ මන්ත්‍රී ගරු
එවැනි ආචාරින්ගෙ මුනුබුරු
ඉර සඳ නොදැක ඉඳ
දෙසමි මුණි ගුණ ලොබ බැඳ
සදහම් කර නිබඳ
කියමි මුණි ගුණ දහම් පද බැඳ
මගද බසෙන් පෙර
තිබූ බණ පාලි පොත් කර
එබව සින්හල කර
මෙකව් කීවේ නොදැන පරතෙර
ලොව්තුරු මුනිඳු ගුණ
දැනගෙන නිවන් යන මෙන
කව් බැන්දට රොසින
නොවී සැම දෙවි පිහිට වනු මැන
සිව්වරන් දෙවි යෝ
සව් සත රකින දෙවි යෝ
පද වරද අවි යෝ
සමා කරවා රකින දෙවි යෝ
බුද්දන් සරනේ සිරස දරාගන
දම්මන් සරනේ සිත පහදාගන
සංඝන් සරනේ සියුරු දාරගන
ඉඤ්ඤයි තුන්සරනේ අදහාගනපෙරයම බුද්දන් සරනේ ගඤ්ඤයි
මද්දිම දම්මන් සරනේ ගඤ්ඤයි
අලුයම සංගන් සරනේ ගඤ්ඤයි
තුන්යමටම තුන් සරනේ ගඤ්ඤයි
කකුසඳ කෝනාගම පෙර මුනිවර
කාශ්‍යප ගෞතම මුනිඳු අදර කර
සමන් පතිනි ගණ දෙවිදුනි ඉසිවර
දමන ඉවත ඇති වරදක් දුරු කර
සමන් පතිනි ගණ දෙවිදුන් නුවනේ
ගිමන් කලට සැතපෙන වැනි පවනේ
දිමෙන් වරද දුටුවත් දෙවි රජුනේ
කියමි මදක් කවි බණ තුන්සරනේ
පදයට යවහන් නොදැනේ ගුණ පණ
යුදයට ආයුදයක් ගත්තා මෙන
අද හෙට දෝ නොදැනෙයි තිර නැති පණ
මඳකට පවසමි තුන් සරනේ ගුණ
