පියුම් පිට සිරිපා
සතුන් ගොඩලමි බලපා
විකුම් ජය තෙදපා
වඳිමි අදරින් මුනිඳු සිරිපා
අහස උඩු වියනේ
දෙරණේ පමණ නොදනේ
මුනිඳු ගුණ ලකුනේ
ගනිමි තොර නොව දහම් සරනේ
පුදමි මල් මුනිඳුට
දෙසමි සදහම් ගරු කොට
සඟ සරණ සිහි කොට
වඳිමි මුදුනත් තබා සැම විට
ඇතත් කිසි වරදක්
ඉවසන් නොවී වෙනසක්
දහම් ගුණ උපතක්
මදක් පවසමි දැනෙන පමණක්
විකුම් ජය තෙද බල
උතුම් මහ රජ වාසල
නමින් සෙන්කඩ ගල
වෙනින් නුවරක් ඇද්ද ලක තුල
ගජ තුරඟ මිණි නද
බැඳ ජය පවන් මිණි නද
සිංහාරන් නිබඳ
නිරිඳු සිංහාසනේ වැඩ හිඳ
තෙද අණසක පැතිර
තොටමුන නමය ඉඩ හැර
අවි ගත් රැගෙන මුර
සෙනඟ මුදෙන් එතෙර පියවර
මුනිඳු ගුණ මුල් කර
බිඳී ගිය දස බිම්බර
එවැනි ගුණ මුල් කර
කියමි පමණක් දහම් මුල්කරතුන් සරණ පදයන්
නිමවනු බැරිය මදකින්
ඉඳිකටු සිඳුරකින්
බැලූ පමණක් කියමි මෙදහන්
පියසක තාඹු ගල
වැඩිවිය පැමිණ නිකසල
අඳුරෙක ඉඳ දුබල
මඳක් පවසන් නොවේ පුරබල
