- ඕනෑම ද්‍රව්‍යයක තැනුම් ඒකකය මූලද්‍රව්‍යයි.
දළ වශයෙන් මූලද්‍රව්‍ය 106 ක් පමණ වේ.
ලෝකයේ ඇති සැම ද්‍රව්‍යයක්ම මූලද්‍රව්‍ය එකක් හෝ වැඩි සංඛ්‍යාවකින් සෑදී ඇත.
උදා :- වීදුරු.
සිලිකන්, කැල්සියම්, ඔක්සිජන් මෙහි මූලද්‍රව්‍යයයි.
- මූලද්‍රව්‍යවල ව්‍යූහයේ කුඩාම අංශුව පරමාණුව යි.
මෙම පරමාණු තවත් පරමාණු සමග එකතු වී පවතින විට ඒවා "අණු" නමින් හැඳින්වේ.
විද්‍යාඥයින් කෘතිම ලෙස සාදා ගත් මූල ද්‍රව්‍ය 14 කට අමතරව ස්වාභාවිකව නිපදවු මූලද්‍රව්‍ය 92 කි.
- අණු වල නියැදියක්.
සංඝටක සෑදී ඇත්තේ මූලද්‍රව්‍ය වලිනි.
සංඝටක බොහෝ විට අණු ඒකක වේ.
මේවා රසායනික බන්ධන වලින් බැඳී ඇත.
- සෑම වායුවක්ම සංඝටක හෝ මූලද්‍රව්‍ය වුවත් ඒවායෙහි අණු ඒකක ඇත.
ලෝහ මූලද්‍රව්‍ය හා අලෝහ මූලද්‍රව්‍ය ලෙස මූලද්‍රව්‍ය කොටස් දෙකකි.
යකඩ, තඹ, රත්තරන් ලෝහ මූලද්‍රව්‍ය වේ.
- එදිනෙදා භාවිතා කරන බොහෝ ලෝහ සංශුද්ධ ලෝහ නොවේ.
ඒවා පිත්තල, වානේ, ලෝකඩ, පෑස්සීමට යොදා ගන්නා ඊයම්, තුවක්කු ලෝහ වැනි මිශ්‍ර ලෝහ වලින් සෑදී ඇත.
ක්ලෝරීන්, සිලිකන්, කාබන් අලෝහ මූලද්‍රව්‍ය වේ.