ක්‍රියාකාරකම 4
  ඉහත ආකාරයට ඉටි ස්‌වල්පයක්‌ රත් කරන්න.ටික වේලාවකින් ඉටි ද්‍රව බවට පත් වීමට පටන් ගනියි.
එම උෂ්ණත්වය මැන ගන්න.(t°C).මෙහිදී උෂ්ණත්වමානය නලය පතුලේ නොවදින සේ පාඨාංක ලබාගන්න.

ඉටි හොඳින් ද්‍රව බවට පත්වන විට මන්ථයෙන් හොඳින් කලවම් කරන්න.
සම්පූර්ණයෙන්ම ඉටි ද්‍රව වූ පසු රත් කිරීම නවතා ඉටි ඝන වීමට ඉඩ හරින්න.
ඉහත පරිදිම ඉටි ඝන වීමට පටන් ගන්නා විටම උෂ්ණත්වය මැන ගන්න.(T°C).
ඉටි වල ද්‍රවාංකය (t + T)/2°C වේ. එනම් උෂ්ණත්ව දෙකේ සාමාන්‍යයයි.
(c) Shilpa Sayura Foundation 2006-2017