ක්‍රියාකාරකම 3
  වීදුරු පුනීලයක්‌, අයඩීන්, ලුණු හා ටින් සොයාගන්න. දැන් පහත පරිදි ඇටවුම සකසා ගන්න. එය රත් වීමට සලස්‌වන්න.

අයඩීන් ස්‌ඵටික බවට පත් වී පුනීලයේ ඇතුලත පෘෂ්ඨයේ තැන්පත් වේ. ලූණු ටින් බඳුන තුළ ඉතිරි වේ. මෙහිදී අයඩින් වෙනුවට නැප්තලීන් වුවද යොදා ගත හැක. සංශුද්ධ ද්‍රව්‍ය වල ද්‍රවාංකය නිශ්චිත වුවත් වෙනත් ද්‍රව්‍යයක්‌ හා එක්‌ වූ විට එය වෙනස්‌ වේ.

ද්‍රවයක ද්‍රවාංකය සෙවීම
සමහරක්‌ ද්‍රව්‍ය තාපාංකයේදී ගිනි ඇවිලෙන සුළුය. (උදා:- ඉටි). මීට හේතුව අවම උෂ්ණත්වයේදී ඒවා වාෂ්ප වීමයි.මේ නිසා ආරක්‌ෂිත ක්‍රමයක්‌ ලෙස කෙලින්ම ගිනි දැල්ලෙන් රත් නොකර ජල භාජනයක තබා රත් කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017