දැන් අපි මෙම අනතුරුවලින් ආරක්ෂා වන්නේ කෙසේදැයි බලමු.
 

 

දැන් අපි මෙම අනතුරුවලින් ආරක්ෂා වන්නේ කෙසේදැයි බලමු.

 




 
ප්‍රධාන විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබා ගන්නා සෑම විටම ප්‍රධාන ස්වීචය (මේන් ස්වීචි) හා පැන්නුමි දඟර ස්වීචය (ට්‍රිප් ස්වීචය) වැනි උපාංග භාවිතා කළ යුතුයි.

 සෑම විටම නිවස තුල ඇති ප්‍රධාන ස්වීචය, ට්‍රිප් ස්වීචය, පරිපථ කඩන ස්වීචය හෙවත් බ්‍රේකර් වැනි උපාංග නිවැරදිව ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කළ යුතුයි.


 නිවස තුල ඇති සෑම විදුලි පරිපථයකටම පරිපථ කඩනය නැමති ස්වීචය (බ්‍රේකර්) උපාංගය භාවිතා කළ යුතුයි.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉහත දැක්වෙන්නේ වර්ථමානයේ භාවිතා වන ප්‍රධාන ස්වීචය(මේන් ස්වීච්),සිඟිති පරිපථ බිඳිනය (ට්‍රිප් ස්වීච්) ස්වීච සහ පරිපථ කඩනය (බ්‍රේකර් ස්වීච්) නම් වූ ස්වීච කීපයක් වේ.

 

 

 නිවස තුල ඇති විදුලි පරිපථයක අළුත් වැඩියාවක් කරණ සෑම විටම ප්‍රධාන විදුලි ස්වීචය වසා තැබිය යුතුයි (ඕෆ් කළ යුතුයි).
 
භාවිතා කරන විදුලි උපකරණ වල යම් දෝෂ ඇත්නම් ඒවා වහා නිවැරදි කර භාවිතයට ගත යුතුයි.

 අනාරක්ෂිත විදුලි උපකරණ භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන් වැලකිය යුතුයි.


 විදුලි කෙවෙනි සදහා ස්වයංක්‍රීයව අග්‍ර කවුලු වැසෙන කෙවෙනි භාවිතා කල යුතුයි.


 විදුලි උපකරණ භාවිතා කරන සෑම විටම රබර් පාවහන් පැලදිය යුතුයි.


 විදුලිය සන්නයනය කරන කම්බි වල පරිවාරක ගැලවී හෝ ඉවත්වී ඇත්නම් ඒවා නැවත  පරිවාරක වලින් ආවරණය කර භාවිතා කළ යුතුයි.

(c) Shilpa Sayura Foundation 2006-2017