* පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයකු කරන ලද ප්‍රකාශ සම්බන්ධව හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෙයක් සම්බන්ධව හෝ එම මන්ත්‍රීට විරුද්ධව නඩු පැවරිය නොහැකි වීම.
* පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම එම තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුව සතුවීම.
* වරදක් සම්බන්ධව දඬුවම් පැමිණවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවීම. එනම් සභා ගැබ තුළ දී ශරීර හානි සිදු කිරීම. අපහාස කිරීම.
* හිතාමතා අවහිර කිරීම.
* බලහත්කාරකම් කිරීම.
* අසත්‍ය හෝ විකෘති කළ වාර්තා පළ කිරීම.
* ප්‍රසිද්ධ නොකළ යුතු යයි නියම කර ඇති විවාදයක
කොටසක් ප්‍රසිද්ධ කිරීම.
* නිල තත්ත්වය භාවිත කර අල්ලස් දී ම හෝ අල්ලස් ලබා
ගැනීම.
පාර්ලිමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නීතියෙන් පවරන ලද කරුණ :
1. රටේ දැඩි අවශ්‍යතාවක් පවතින කරුණක් සම්බන්ධ කෙටුම්පතක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය නීත්‍යානුකුලව සකස් කිරීම සහ එය
රටේ ව්‍යවස්‌ථාවට අනුකුල ද යන්න සලකා බැලීම.
අභියාචනාධිකරණය :
* මුල් අවස්‌ථා අධිකරණයකින් දුන් තීන්දුවකට එරෙහිව ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ
අභියාචනාධිකරණයටය.
* සභාපති ඇතුළු විනිශ්චයකාරවරු 6 දෙනෙකුට නොඅඩු එකොළහට නොවැඩි
සංඛ්‍යාවක් සිටීම.
* මුල් නඩු විභාගයක දී එම අධිකරණය විසින් ගෙන ඇති සාක්‌ෂිවලට අමතර
අලුත් සාක්‌ෂි භාර ගැනීම.
* නීති විරෝධිව හෝ අනිසි ලෙස රඳවාගෙන ඇති පුද්ගලයෙකු අධිකරණය හමුවට
ගෙන එන ලෙස දන්වා හබයාස් කෝපුස් ආඥා නිකුත් කිරීමේ බලය.
* බාල වයස්‌කාර ළමයින්ගේ භාරය
* ඉන්ජන්ෂන් තහනම් ප්‍රදානය
* ඡන්ද පෙත්සම් විභාග කිරීම.
* මුල් අවස්‌ථා අධිකරණයක ඇති වාර්තා ගෙන්වා ගැනීමේ හැකියාව
* මේ මගින් දෙනු ලබන තීරණ ඒකමතික නොවූ විට අධිකරණයේ තීරණ
අත්හිටුවීම.
මුල් අවස්‌ථා අධිකරණය :
(1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන මගින් පිහිටුවා ඇත.)
* මහාධිකරණය
* දිසා අධිකරණය
* පවුල් අධිකරණය
* මහේස්‌ත්‍රාත් අධිකරණය
* ප්‍රාථමික අධිකරණය
මහාධිකරණය :
* මුල් අවස්‌ථා අධිකරණයේ ඉහළම උසාවියයි.
* කිසියම් නඩුවක් ප්‍රථම වරට සාක්‌ෂි කැඳවා විභාග කර තීරණ දෙයි.
* මේ තීරණය අසාධාරණ යයි සිතුණු පාර්ශවකරුවන්ට ඉහළ
උසාවියකට අභියාචනයක් ඉදිරිපත් කළ හැක.
* මිනීමැරුම් නඩු සම්බන්ධ මූලික සාක්‌ෂි ගොනුකර තීන්දු දීමට ඉහළ
උසාවියට යොමු කරයි.
(වරදේ ස්‌වභාවය අනුව)
සමථ මණ්‌ඩල : - උසාවි වර්ගයක් නොවේ.
- සුළු ආරවුල් සමථයකට පත්කරයි.
- පොදු ස්‌ථානයක රැස්‌වීම පවත්වයි.
- ප්‍රභුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතයි.
අධිකරණයේ ස්‌වාධිනත්වය :
* ස්‌වාධීන ආයතනයක් වීම.
* විනිශ්චය කාරවරයකු දෙන තීන්දුවක් සම්බන්ධව ඔහුට විරුද්ධ
උසාවියක නඩු පැවරිය නොහැකි වීම.
(එසේ කර ඇත්තේ ස්‌වාධිනත්වය රැකීමට ය.)
* විෂමාචාර සහිත විනිශ්චය කාරවරුන් ජනාධිපති විසින් ඉවත් කළ
හැක.
* වයස, නම දක්‌වා රාජකාරියේ නිරත විය හැක.
අධිකරණයේ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‌ෂණ :
* උසාවි නියෝගයකින් තොරව නිවසක් පරික්‌ෂා කිරීමට පොලිසිය
පොලීසියට අයිතිය නැත.
* ලිඛිත චෝදනාවක් ඇති කිසිම පුද්ගලයෙකු අත් අඩංගුවේ තබාගත
නොහැක.
* යම් පුද්ගලයකු නීතිමය අවසරයක් නැතිව අත් අඩංගුවේ තබා
ගන්නේ නම් හබයාස් කෝපුස් නීතිය යටතේ උසාවියට ඉදිරිපත් කරන
ලෙස ඉල්ලා සිටිය හැක.
* සැකකරුවෙකුගෙන් සමාජයට හානියක් නොවේ යයි හැඟෙන විට ඇප
ඉල්ලා සිටිය හැකි ය.
* පොලිසිය කිසිම හේතුවක් මත සැකකරුට කෲර වධහිංසා
නොපැමිණවිය යුතුය.
* පොලිසිය දෙන කට උත්තරයක් අධිකරණය ඉදිරියේ සාක්‌ෂි වශයෙන්
පිළිනොගන්නා අතර බලහත්කාරයෙන් එවැනි පාපොච්චාරණ ලබා
නොගත යුතුය.
* උසාවියකින් නිවරදකරු වන පුද්ගලයෙකුට එරෙහිව නැවත නැවත එම
චෝදනාව ඉදිරියේ නඩු පැවරිය නොහැක.
* අධිකරණය හමුවේ භාෂා, ආගම්, වර්ණ, ලිංගිකත්වය,
ධනය, කුල, දේශපාලන පක්‌ෂ ආදී පුද්ගල විවිධත්ව
නොසලකන අතර සෑම කෙනෙකුම සමානව සැලකිය යුතුය.
* වරදකරුවකු ලෙස පිළිගැනෙන තාක් කල් සෑම අයකුම සැකකරුවකු
ලෙස සලකයි.
* වරදකරුවකු ලෙස දඬුවම් ලැබූවකු සදාකල් චුදිතයකු ලෙස
නොසලකන අතර යහපත් පුද්ගලයකු ලෙස සමාජයට හදුන්වා දීමට
අධිකරණය උත්සාහ ගනියි.
* යම් පාර්ශවකරුවකුට ලැබුණු තීන්දුවක් තුළින් සාධාරණය ඉටු වී
නැතැයි හැඟී ගියහොත් ඒ වෙනුවෙන් ඊට සාධාරණයක් ඉටු කර දෙන
ලෙස ඉල්ලා ඉහළ උසාවියකට අභියාචනයක් ඉදිරිපත් කළ හැක.
* මහාධිකරණ නඩු විභාගයක් ජූරි සභාවක් ඉදිරියේ විනිශ්චය කිරීම
තුළින් නීතිමය පිළිගැනීම විමසුමට ලක් කිරීමට අමතරව යුක්‌තිය
පසිඳලීම අපේක්‌ෂා කරයි.
* මරණීය දණ්‌ඬනයට යටත් වූවකුට වුව ද සමාව දෙන ලෙස
ජනාධිපතිගෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.