අධිකරණය

 





කොළඹ අළුත්කඩේ උසාවි සංකීර්ණය


ශ්‍රී ලංකාවේ අධිකරණය
            *  අධිකරණ රටාව
            *  යුක්‌තිය පසිඳලීම.
            *  ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ දී අධිකරණයේ කාර්යභාරය


අධිකරණයේ ව්‍යූහය :



 

 

 

 

 

 

 

 

 

 

*  ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය
*  ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය
*  ශ්‍රී ලංකා ජනරජයේ මුල් අවස්‌ථා අධිකරණය
                                        1. මහාධිකරණය
                                        2. දිසා අධිකරණය
                                        3. පවුල් අධිකරණය
                                        4. මහේස්‌ත්‍රාත් අධිකරණය
                                        5. ප්‍රාථමික අධිකරණය
අධිකරණයේ කාර්යභාරය :  
                 මහජන අයිතවාසිකම් ආරක්‌ෂා කර තහවුරු කර බලගන්වන හා යුක්‌තිය පසිඳලන ආයතනය වීම.
ශ්‍රේෂ්ඨාධිකරණය :
                 උත්තරීතර, ජෙ‍්‍යෂ්ඨතම, අවසාන අභියාචනාධිකරණය වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල :
              *  පනත් කෙටුම්පත්වල ව්‍යවස්‌ථානුකුලත්වය සම්බන්ධයෙන් වු අධිකරණ බලය
              *  මූලික අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීම.
              *  අවසාන අභියාචනාධිකරණ බලය
              *  උපදේශක අධිකරණ බලය
              *  ඡන්ද පෙත්සම් සම්බන්ධ අධිකරණ බලය
              *  පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම්
              *  පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරන ලද කරුණු සම්බන්ධ බලය

ශ්‍රේෂ්ඨාධිකරණ සංයුතිය :
                 අග්‍ර විනිශ්චයකරු සහ තවත් හය දෙනෙකුට නො අඩු, දසදෙනාට නොවැඩි, විනිශ්චයකාරවරුන්ගෙන්
                 සමන්විතය. (6-10 අතර)
             *  පාර්ලිමේන්තුව සම්මත කරන කෙටුම්පත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකුලද නැද්ද යන තීරණ ගැනීමේ
                අධිකරණ බලය.

අභියාචනාධිකරණ බලතල :
             *  මූලික අධිකරණයක නඩු තීන්දුවක දඬුවම් නියම කිරීමට විරුද්ධව ඒ සඳහා සහනයක්‌ ඉල්ලා
                ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කළ හැකිවීම.
             *  එම තීන්දු ප්‍රකාශනයක්‌ ස්‌ථීර කිරීමේ හෝ වෙනස්‌ කිරීමේ බලය
             *  අවශ්‍ය නම් අලුත් හෝ අතිරේක සාක්‌ෂි කැඳවන ලෙස හෝ භාරගන්නා ලෙස මුල් අධිකරණය වෙත නියෝග
                නිකුත් කිරීමේ බලය
             *  ජනාධිපති තේරීම සම්බන්ධ හෝ මැතිවරණ නීති කඩකිරීම වෙනුවෙන් දෙන ලද නඩු තීන්දුවකට විරුද්ධව
                ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි හැකිවීම.
             *  ජනාධිපති තෝරා ගැනීම සම්බන්ධව විනිශ්චයකාරවරු 5 කින් සමන්විත මණ්‌ඩලයක්‌ මගින් නඩු විභාග කිරීම.
             *  විශේෂත්වය – අග්‍ර විනිශ්චයකාර තුමා එයට ඇතුළත් වීම.  

(c) Shilpa Sayura Foundation 2006-2017